සත්‍යයේ පුවත් අඩහැරය….

ගෑස් වැඩි මිලට විකුණයි, පාරිභෝගික අධිකාරිය නිහඩයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් චෝදනා…

Podu Jana Peramunaදිවයින පුරා මේවන විට උග්‍ර ගෑස් හිගයක් පවතන අතර සමහර කඩහිමියන් රැපියල් 4500 ක් වැනි මුදලකට පාරිභෝගිකයින්හට ගෑස් අලෙවි කරනු ලබන බව පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට පැමිණිලි කිරීමට ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියටයි. ඒ 1977 දුරකතන අංකයට. එහෙත් මීට දින තුනකට පෙර අධිකාරියේ 1977 දුරකතන අංකයට මුදල් නොගෙවීම නිසා විසන්ධි කර ඇති බව හා පොදු දුරකතන අංකයට ඇමතීමට නිළධාරීන් අනුයුක්ත කර නොමැති බව අප සංවිධානය විසින් කරන ලද හෙළි දරව්වකදී පැහැදිලි විය. පාරිභෝගික කටයුතු අධිකාරියේ මානව සම්පත් අධ්‍යක්ෂ සම්පත් අංගුලුගම මහතා අප වෙත පැවසූවේ මේ මස 23 වන දින වන විට එම දුරකතන අංකය සදහා අදාල චෙක්පත සූදානම් කර ඇතත් 25/10/2019 දින උදේ වන විටත් එම චෙක්පත දුරකතන සමාගම වෙත යෑවීමට මුල්යත අධ්‍යක්ෂවරයා කටයුතු කර නැති බවයි.

වැඩි දුරටත් ඔහු පැවසූවේ පාරිභෝගික කටයුතු අධිකාරියේ හරිහැටි රාජකාරී කරනු ලබන්නේ මානව සම්පත් අංශය පමණක් බවත් 1977 දුරකතන අංකය භාරව කටයුතු කරනු ලබන නීති අංශයේ අධ්‍යක්ෂවරිය සහ එහි ජේෂ්ඨ විමර්ශණ නිළධාරීයා හරිහැටි රාජකාරි නොකරන බවත්ය. අදලා දුරකතන අංකය සම්බන්ධයෙන් වගකිව යුත්තේ අදාල නිළධාරීන් බවය.

කෙසේ වෙතත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිළධාරීන්ගේ කඔ ඇදිල්ල නිසා පීඩාවට පත්වන්නේ මෙරට පාරිභෝගික ජනතාවය. තම සංවිධානය තවදුරටත් සොයා බලමින් සිටින්නේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අධ්යාක්ෂක ජනරාල්වරයා හා වැටලීම් අධ්‍යක්ෂවරයා ඇතුලු නඩය කලු කඩ හිමියන්ට පාරිභෝගිකයින් ගසා කෑම සදහා 1977 දරණ දුරකතන අංකය හා පොදු දුරකතන අංකය ගොලු කර ඇත්ද යන්න පිළිබදව සැක මතුවන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට