පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 ක් සමග සැකකරුවෙකු STF දැලේ..
පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 53 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (19) හැකිවී ඇත. එම නිලධාරීන් ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී මුලතිව් ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූ සැකකරු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.