පළාත් කිහිපයක පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්..
පළාත් කිහිපයක මේ වනවිට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (09) සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව ඌව, උතුරු මැද සහ උතුර යන පළාත්වල මේ වනවිට පවතින වැසි තත්ත්වයේ යම් ඉහළයාමක් ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. එමෙන්ම අද දිනය තුළ නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම, උතුර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක වැසි ඇතිවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.