හෙරොයින් සමග සැකකරුවන් 07 ක් වැල්ලවායේදී කොටු..
වැල්ලවාය පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමක දී අත්අඩංගුවට පත්ව ඇති මෙම සැකකරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණය වී ඇත. මෙහිදී අත්අඩංගුවට පත්වූ සැකකරුවන් සිව්දෙනෙකු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් හැට බැගින් ද අනෙක් සැකකරුවන් තිදෙනා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් හැත්තෑව බැගින් ද තිබී ඇති අතර මෙම පිරිස අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.