සත්‍යයේ පුවත් අඩහැරය….

බලයට පත්වී කෙටි කාලයකින් ජනතා අපේක්ෂා පසෙකලා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්තෙන් පසුගිය ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ද එමගින් සිදුවූයේ පක්ෂය තවදුරටත් පරිහානියට පත්වීම බව නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා අවධාරණය කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වික්‍රමභාහු කරුණාරත්න මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් දැක්වීය.

ජාති, ආගම් භේද වලින් තොර රටක් ඇතිකරන බව පවසමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගතවූ ඉතා කෙටිකාලය තුළ ජනතාව වෙත ලබාදෙන ලද එම බලාපොරොත්තුව කඩකරමින් කටයුතු කරන බවක් පෙනීයනවා. වත්මන් ආණ්ඩුව කටයුතු කරන්නේ වෛරීසහගත ආකාරයකින්. ඒ බව මනවා හදුනාලත හැකියි අපට. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය එවැනි පාලනයක් නොවෙයි. ඒ නිසා යළිත් එවැනි පාලනක්‍රමයක් රට තුළ ඇතිකළයුතුයි. ඒ සදහා රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරියටත් කටයුතු කරනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත රාජා උස්වැටකෙයියාව මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු ක්‍රියාත්මක කරන ලද ඇතැම් තීන්දු තීරණ මේ වනවිට නිසිපරිදි ක්‍රියාත්මක වන්නේදැයි කියන දේ ගැටළුවක් බවට පත්වෙලා. අමාත්‍යංශ විෂය පථයක් ගැසට් කිරීමේදී රාජපක්ෂවරුන් යටතට විශාල ආයතන ප්‍රමාණයක් ලබාගෙන. පසුගිය ආණ්ඩුව කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අමාත්‍යංශ විෂය පථයක් බෙදූවේ යැයි පසුගිය ආණ්ඩුවට චෝදනා කළ වත්මන් ආණ්ඩුව, කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව අමාත්‍යංශ විෂය පථයක් බෙදන්න කටයුතු කරලා තිබෙන බව මනාව පේනවා. රාජ්‍ය ආයාතන සදහා නිලධාරීන් පත්කිරීමට නිසි ක්‍රමවේදයක් පැවතුනත් එය උල්ලංඝණය කරමින් වත්මන් ආණ්ඩුව කටයුතු කරලා. බදු සහන ලබාදීමට අවශ්‍ය තීරණ ගත්තත් මේ වනවිට රටේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිහින්. එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ලකළ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දේශපාලඥයින් මේ වනවිට පවසනවා ඒ ගිවිසුම තුළ යහපත් කරුණු රැසක් පවතින බව. මේක පුදුම වැඩක්. ජනතා විමුක්ති පෙරමුණ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුඵ බලවේග ඒකරාශි කරගෙන වත්මන් පාලකයින් බලයෙන් පහකිරීමට කටයුතු කළයුතුව තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජනතා පෙරමුණේ නායක සිරිමසිරි හපුආරච්චි සහ එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් කීර්ති කාරියවසම් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට