සත්‍යයේ පුවත් අඩහැරය….

සමාජ ඡාලා මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට එල්ලවී ඇති තර්ජන සහ බලපෑම් වලට විරෝධය පළකරනනවා -ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු

Podu Jana Peramunaසමාජ ඡාලා මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන්ට මේ වනවිට එල්ලවී ඇති තර්ජන සහ බලපෑම් පිළිබද විරෝධය පළකරන බවත් රටතුළ ඇතිවී තිබෙන මෙවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද රටට කරුණු හෙළිකිරීමට වත්මන් ආණ්ඩුව විසින් කටයුතු කළයුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අවධාරණය කර සිටියි.මෙහිදී රජික කොඩිතුවක්කු මහතා පහත පරිදි අදහස් දක්වන ලදී.

යමෙකු තවත් පුද්ගලයෙකුගේ භාෂණයේ සහ දේශපාලන මතදැරීමේ නිදහසට අහිත බලපෑමක් එල්ලකරන්නේනම් ඊට එරෙහිව කටයුතු කරනවා. මේ වනවිට රටතුළ ඒකාධිපති පාලන ස්වරූපයක් මතුවෙමින් තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ පරපුරක බලය සංවිධානයේ කැදවුම්කරු චාමර නාකන්දල මහතා ද පහත පරිදි අදහස් දැක්වීය. රට තුළ මෙවැනි මර්දනකාරී තත්ත්වයක් ඇතිවනු ඇති බවට පුර්ව විනිශ්චයක් අප තුළ පැවතුනා. ඒ නිසා අප පුදුමයට පත්වන්නේ නෑ. ආණ්ඩුවේ මෙම මර්දනකාරී වැඩපිළි‍වෙළ සම්බන්ධයෙන් සියළුදෙනාම එක්ව විශාල තෙරපුමක් ලබාදීමට කටයුතු කළයුතුයි. මෙම තත්ත්වය රටේ ඉදිරිය පිළිබද පෙන්වන සංඥාවක් පමණයි. ඉදිරි මැතිවරණයේදී බුද්ධිමත්ව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව සදහා ලේක් හවුස් ආයතනයේ හිටපු සේවක මධුක තක්සල ප්‍රනාන්දු මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට