සත්‍යයේ පුවත් අඩහැරය….

රංජිත් ද සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩුවූ මන්ත්‍රිධූරය වරුණ පි‍්‍රයන්තට..

Podu Jana Peramunaහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා පසුගියදා අභාවප්ප‍්‍රාප්ත වීමෙන් පසු පුරප්පාඩු වූ එම පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය සඳහා උඩගම ලියනගේ වරුණ පි‍්‍රයන්ත ලියනගේ මහතා පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඊයේ (12) දිනැතිව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. රංජිත් ද සොයිසා මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් රත්නපුර දිස්ති‍්‍රක්කයට තරග වැද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත්වූ අතර ඒ මහතා අභාවප්‍රාප්තවූ පසු පුරප්පාඩු වූ එම ධූරයට අදාළ අනුප්ප‍්‍රාප්තිකයා නම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ති‍්‍රක් තේරිම්භාර නිලධාරීවරයාට දැනුම්දීමක් කරන ලදී. ඒ අනුව රත්නපුර දිස්ති‍්‍රක් තේරිම්භාර නිලධාරියා විසින් උඩගම ලියනගේ වරුණ පි‍්‍රයන්ත ලියනගේ මහතා ඒ සදහා නම්කර එවීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉහත පරිදි අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට