සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සියළුදෙනාම එක්ව කටයුතු කළහොත් පහසුවෙන්ම පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයා හැකියි – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ

Podu Jana Peramunaසියළුදෙනාම එක්ව කටයුතු කළහොත් පහසුවෙන්ම ආසන 100 ක් හෝ 110 ක් ලබාගෙන පක්ෂය ජයග්‍රහණය කරා ගෙනයාමට හැකිවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකරන ලදී. වික්‍රමසිංහ මහතා මෙම මාධ්‍ය හමුවේදී පහත පරිදි අදහස් දක්වන ලදී.

ජනාධිපතිවරණයෙන් පසු පක්ෂය තුළ යම් අඩපණවීමක් සිදුව ඇති බව ඇතැමුන් පැවසුවත් එවැන්නක් සිදුවී නෑ. සියළුදෙනාම ඒකරාශී කරගනිමින් ඉදිරි මැතිවරණ සදහා ශක්තිමත්ව මුහුණදෙනවා. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකි නම් තමන්ගේ තනතුරු වලින් ඉවත්වෙලා සුදුසු අයට ඒ තනතුරු ලබාදීමට කටයුතු කළයුතුයි. පක්ෂයෙන් ඈත්ව සිටින බෞද්ධ ජනතාව යළි පක්ෂය කරා ගෙන්වා ගැනීමට කටයුතු කළයුතු වෙනවා. මහා සංඝරත්නය, මධ්‍යම පාන්තික පිරිස් සහ තරුණ ප්‍රජාව නොමැතිව පක්ෂය ජයග්‍රහණය කළ නොහැකියි. ඒ නිසා එම කොටස් පකෂය වෙත නැඹුරු කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කළයුතු වෙනවා. පක්ෂය ශක්තිමත් කරන්න නව නායකයින් අවශ්‍යයි. ඒ නිසා නවක නායකයින්ට පක්ෂයේ ඉඩ ලබාදීමට අවශ්‍යයි. ඒ වෙනුවෙන් නව යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කරන්නැයි පක්ෂයේ සියළුදෙනාටම අවධාරණය කර සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට