සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව රාජ්‍ය මර්දන ක්‍රියාවලියක නිරතව සිටිනවා, මේ ආකාරයට විපක්ෂය මර්දනය කළ නොහැකියි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaරාජ්‍ය මර්දන ක්‍රියාවලියක නිරතව සිටින වත්මන් ආණ්ඩුව, විපක්ෂයේ පිරිස් වෙත පහර එල්ලකරමින් සිටින බවත් මේ ආකාරයට විපක්ෂය මර්දනය කිරීමට නොහැකි බව ආණ්ඩුවට අවධාරණය කර සිටින බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඊයේ (16) පිටකෝට්ටේ, සෝලිස් හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී කාරියවසම් මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

මේ වනවිට ආණ්ඩුව හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විවිධ චෝදනා එල්ලකරමින් සිටිනවා. රිය අනතුරක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව චෝදනා කරමින් ඊට සම්බන්ධ රියදුරු මහතාගේ පවුලේ සාමාජිකයින් පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. කිසිදු පළිගැනීමක් නොකරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණියත් එම පොරොන්දුව පුස්සක් බවට පත්කරමින් වත්මන් ආණ්ඩුව දේශපාලන පළිගැනීම් දැන් ආරම්භ කරලා. මෙම තත්ත්වයට එරෙහිව ඉදිරියේදී ජනතාව පෙළගස්සනවා.

මෙම මාධ්‍ය හමුවට එක්වූ එස්.එම්. මරික්කාර් මහතා ද මෙසේ සිය අදහස් පළකළේය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන බව පවසමින් බලයට ආව ආණ්ඩුව, රට තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරමින් සිටින්නේ දැන්.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හර්ෂ ද සිල්වා, රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා. චන්ද්‍රාණි බණ්ඩාර සහ එස්.එම්. මරික්කාර් යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට