ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ නිල කාලය අදින් අවසන්..
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) දිනයෙන් අවසන් වන වාර්තා වේ. ඒ අනුව හෙට (01) දිනය තුළ ඒ මහතාට සේවා දිගුවක් ලබාදිය යුතුව ඇති අතර එසේ නොවුනහොත් වෙනත් අයෙක් එම ධූරයට පත්කළයුතුව ඇති බවත් සඳහන් වේ. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ 2017 වසරේ අගෝස්තු මස 22 වන දිනයේදීයි.