චීන ආර්ථිකය නැංවීමට එරට මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් බිලියන 173 ක් මුදාහරියි..
චීන ආර්ථිකය යළි නැංවීමේ අරමුණ ඇතිව එරට මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 173 කට අධික මුදලක් මුදාහැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට චීන ආර්ථිකයේ යම් බිඳ වැටීමක් ඇතිවී ඇති අතර වසා දමන ලද එරට කොටස් වෙළඳපොළ හෙට (04) දිනයේ දී යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි චීන ආරංචි මාර්ග පවසා සිටියි.