සත්‍යයේ පුවත් අඩහැරය….

මෛත්‍රීපාල සිරිසේන මහතා ලැජ්ජාවක් නැතිව මැතිවරණය සඳහා නාමයෝජනා ලබාගැනීමේ උත්සහයක නිරතව සිටිනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaබුදු දහම අදහන, පන්සල් යන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන ලෝකයේ කෙළෙහිගුණ යන ගුණාංගය සම්බන්ධයෙන් දශමයක් හෝ නොදන්නා අයෙක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ජයගත් ඒ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහරදී එම පක්ෂයට යන එන මං පවා නැතිකිරීමට කටයුතු කළ බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ අද (03) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී පාලිත රංගේ බණ්ඩාර මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත්ව ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයට බැණ වදිමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ කළා. නමුත් රනිල් වික්රිමසිංහ මහතාගේ දක්ෂතාවය හේතුවෙන් එම උත්සහය ව්‍යර්ථ වූනා. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමට උත්සහ කිරීමේ දිට්ඨ ධම්මවේදනීය කර්මය මේ වනවිට ඒ මහතාට පළදීලා කියලා පේනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන් පවා මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව කටයුතු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්ව පොළොන්නරුවෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වෙලා යළි පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ කරමින් සිටින මෛත්‍රිපාල සිරිසේන මහතා, ඒ සඳහා නාම යෝජනා ලබාගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ වැඳවැටෙමින් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට උත්සහ කළ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රටත් විනාශ කළ මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ දරුවන්ට විවිධ චෝදනා එල්ල කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ලැජ්ජාවකින් තොරව ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබාගැනීමේ උත්සහයක නිරතව සිටිනවා. නරින්ට පවා උපදෙස් දෙන කපටියෙකු ලෙස හැඳින්විය හැකි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයම බොරුවක් යැයි පොළොන්නරුව ප්‍රදේශයේම ජනතාව පවසනවා.

සිය වසර 05 ක ධූර කාලයෙන් පසු පොළොන්නරුවේ සිය නිවසටවී විවේකයෙන් කල්ගෙවන බව පවසා ජනාධිපතිවරයා ලෙස පත්ව අරලියගහ මන්දිරයට පවා නොගිය මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වනවිට රුපියල් කෝටි 800 ක නිවසකටවී කල්ගෙවනවා. රට තුළින් කසිප්පු ජාවාරම ඉවත්කිරීමට කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. නමුත් මේ වනවිටත් කසිප්පු ජාවාරම රට තුළ ක්‍රියාත්මකයි.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැකියි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට එම සිදුවීම සම්බන්ධයෙන් සත්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදිය යුතුයි. “පාස්කු ඉරුදින ප්රනහාරයේ වගකීම භාරගන්න, හොඳ රටක තානාපති තනතුරක් ලබාදෙන්නම්” යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට නියෝග කළේ යැයි පොලිස් කොමිසම වෙත පැවසීමට පූජිතලාට අවස්ථාවක් ලබාදෙන්න අවශ්‍යයි.

ලබන මාර්තු 01 වනදා වන විට රැකියා ලක්ෂයක් ලබාදෙන බව ආණ්ඩුව පවසා සිටිනවා. එම රැකියා ප්‍රමාණය රටේ ග්‍රාමසේවා වසම් ප්‍රමාණයෙන් බෙදූ විට පිළිතුර ලෙස හයයි දශම ගණනක් ලැබෙනවා. ඒ අනුව එක් ග්‍රාමසේවා වසමක සිටින්නේ සාමාන්‍ය පෙළ අසමත් හය දෙනෙකු පමණක්දැයි විමසීමට අපට සිදුවනවා. මෙම රැකියා ලබාදීමේ දී පනවා ඇති නියමයන් අනුව මෙය තරුණ පිරිස් රැවටීමක් බව මනාව පෙනීයනවා.

මෙසේ රැකියා ලබාදෙන බව පවසා ආණ්ඩුව උත්සහ කරන්නේ බලාපොරොත්තු බලකායක් නිර්මාණය කර එම පිරිස් වෙතින් ඉදිරි මැතිවරණ වලදී දේශපාලන කටයුතු සිදුකරගැනීමටයි. පසුගිය ආණ්ඩුව සමයේ නාමල් රාජපක්ෂ මහතාත් නිල් බලකායක් නිර්මාණය කර මැතිවරණ කටයුතු සිදුකරගත්තා. එහිදී ටී ෂර්ට් ලැබුනත් මෙවර නම් ජංගියක් හෝ ලැබෙන්නේ නෑ. පසුගිය ඡන්දයේදී මෙන් මෙවර නොරැවටෙන්නැයි මෙන්ම බුද්ධිමත්ව සිතා කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට, උත්සව අත්තිකාරම් ලබාදීමට, අතිකාල දීමනා ලබාදීමට හෝ පොලිස් නිලධාරීන්ගේ ගමන් වියදම් දීමනා ලබාදීම ඇතුළු කිසිවක් සිදුකරගැනීමට මේ වනවිට නොහැකිව තිබෙන ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටිනවා. ජනතාවට සේවය කිරීමට නම් එවැනි බලයක් අවශ්‍ය නෑ. ඉදිරි මැතිවරණ ආසන්න වනවිට තව තවත් රැවටීම් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරාවි. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කිසිවක් කරගැනීමට නොහැකි තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා.

පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී යෝජනා රැසක් ස්ථිර කරගත්තා. පක්ෂයේ පවතින විරුද්ධවාදීකම් අතහැර එක්ව, සන්ධානගතව ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වීමට අවශ්‍ය කටයුතු කරනවා. වෙනත් වෙනත් සලකුණු වලින් මැතිවරණවලට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූදේ අප දැක්කා. රටේ සමස්ත ජනතාවගේ ලෙංගතුම ලාංඡනය අලියා. ඒ නිසා එම ලකුණින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වනවා. ලබන 06 වනදා යළිත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙනවා. එහිදී ඉදිරි සන්ධානයේ මහ ලේකම් තනතුරට අයෙකු පත්කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට