සත්‍යයේ පුවත් අඩහැරය….

එයාර් බස් ගනුදෙනුව ගැන නිසි විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි – එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaවෝහාරික විගණන වාර්තාවට අනුව සිදුකරන ඉදිරි කටයුතු පිළිබඳව ආණ්ඩුව මෙතෙක් කිසිවක් පවසා නොමැති බවත් ටයි කෝට් මහ බැංකු මංකොල්ලය සොරකමක් සහ සාටක මහ බැංකු මංකොල්ලය පාඩුවක් බව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු පවසා ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. අද (03) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් මරික්කාර් මහතා විසින් පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

එයාර් බස් ගනුදෙනුව පිළිබඳ කිසිදු මාධ්‍යවේදියෙක් විමසා නොසිටීම ගැන කණගාටු වනවා. 2013 වර්ෂයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙත එයාර් බස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී නිලධාරියෙකු විසින් ඩොලර් මිලියන දෙකක පගාවක්, අත්තිකාරම් ලෙස ලබාගෙන තිබෙනවා. ඩොලර් මිලියන 16.4 ක් සම්පූර්ණ අල්ලසක් ලෙස ලබාගැනීමට නියමිතව තිබූනේ යැයි මේ වනවිට අනාවරණය වෙලා තිබෙනවා. මෙම ගනුදෙනුවට අනුව යහපාලන රජය බලයට පැමිණි පසු එයාර් බස් මිලදී නොගැනීමට තීරණය කිරීම නිසා රජයට ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදුව ඇති බව කෝප් වාර්තාවේ සඳහන් වනවා. ඒ අනුව අදාළ ඩොලර් මිලියන දෙකක පගාවක් ලබාගන්නා ලද නිලධාරියා සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර මෙම පාඩුව අයකරගැනීමට කටයුතු කළයුතුයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වනවිට පාඩු ලබමින් සිටින්නේ 2015 ට පෙර පැවති රජය නියමිත මිල ගණන් ඉක්මවා එයාර් බස් මිලදී ගැනීම වැනි ගැටළු සහගත තත්ත්වයන් ඇතිකළ නිසා.

එම අවධියේදී රාජපක්ෂ පවුලේ ඥාතියෙකු තමයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්ව සිටියේ. ඒ අනුව මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කරන කොමිසම, අදාළ වරදකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුව කටයුතු කිරීමට කැමති අයෙක් වන බැවින් මෙම ගනුදෙනුවට සම්බන්ධ පිරිස් සඳහා නිසි දඩුවම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වනවා. පසුගිය කාලය පුරාවට වත්මන් ආණ්ඩුවේ පිරිස් අදහස් පළකළේ මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන්. ටයි කෝට් මහ බැංකු මංකොල්ලයට සහ සාටක මහ බැංකු මංකොල්ලයට මූලිකව කටයුතු කර ඇත්තේ එකම පවුලක් බව එක්තරා මාධ්‍යයක් විසින් පැහැදිලිව අනාවරණය කළා. ඒ අනුව වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් පක්ෂ භේදවලින් තොරව ආදළ වරදකරුවන්ට දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා සිටිනවා.

රටේ ජාතික ආරක්ෂාව දැඩි අනතුරකකට පත්ව ඇතැයි මෙන්ම බලයට පැමිණ සති දෙකක් තුළ පාස්කු කාරයින් සියල්ල අත්අඩංගුවට ගන්නා බවත් වත්මන් ආණ්ඩුවේ පිරිස් පාස්කු ප්‍රහාරයයෙන් පසුව දිගින් දිගටම පැවසුවා. නමුත් මෙතෙක් එවැන්නක් සිදුකර නෑ. පාස්කු ප්‍රහාරය සිදුව වසරක් ගතවන්නේ ඉදිරි මැතිවරණය අභියස දී වන නිසා ආණ්ඩුව කිසිවිටෙක එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට නොගන්නා බව පැහැදිලියි. පාස්කු ප්‍රහාරය භාවිතා කර සංවේදී සැමරුමක් සිදුකිරීමට මෙරට මාධ්‍ය නාලිකා දෙකක් බලාපොරොත්තුවෙන් සිටිනවා. කළයුතු හොඳම දෙය පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගෙන මරණ දඬුවම ලබාදීමයි.

එක්වරක් විකුණූ පාස්කු ප්‍රහාරය යළිත් විකිණීමෙන් වළකින්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජනතා දුක පිළිබද සංවේදී වන්නැයි මෙන්ම සුදු වෑන් පැමිණෙනු ඇතැයි බියට පත්නොවී ආණ්ඩුවේ වැරදි පිළිබඳ කතාකරන්නැයි ද මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට