සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහින්ද රාජපක්ෂ සමයේදී රට තුළ ක්‍රියාත්මකවී ඇත්තේ රාජපක්ෂ සමාගමක්, කබ්රාල් සමාගම එහි එක් අනු සමාගමක් – පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර

Podu Jana Peramunaජනතා දේපළ සොරාකෑ පිරිස් මරණින් පසු බල්ලන් හෝ කපුටන් ලෙස ඉපදෙනු ඇති අතර මෙවැනි ක්‍රියාවන්හි ප්‍රතිවිපාක මෙලොවදීම ඵලදෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදී රංගේ බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

08 ශ්‍රේණිය අසමත් තරුණ පිරිස් සඳහා රැකියා දශ ලක්ෂයක් ලබාදීමට කටයුතු කරන බව වත්මන් ආණ්ඩුව මේ වනවිට පවසා තිබෙනවා. මෙහිදී සමෘද්ධි දීමනාව හිමිවන පවුල්වලට ප්‍රධානත්වය ලබාදෙන බව පැවසෙනවා. ඒ අනුව අදාළ රැකියාව හිමිවුවහොත් සමෘද්ධි දීමනාව අහෝසි වනවා. පවුලේ යම් සාමාජිකයෙකු රජයේ රැකියාවක නිරත වන්නේ නම් මෙම රැකියා අවස්ථාව හිමිවන්නේ නෑ.

මෙම රැකියාවේ මූලික වැටුප රුපියල් විසිදහසක් වන අතර මෙහිදී මාස 06 ක කාලයක් යුද හමුදා කඳවුරුවලදී හමුදාමය පුහුණුවක් ලබාදීමට නියමිතයි. පුහුණුවෙන් පසු දුම්රිය මාර්ග සහ මහා මාර්ග නඩත්තු කිරීම වැනි කටයුතුවලට මෙන්ම මෑන් පවර් ආයතනයන්ට මෙම පිරිස් අනුයුක්ත කිරීම සිදුවනවා. මේ දිනවල මෙම පිරිස් පුරන් කුඹුරු අස්වැද්දවීම සඳහා යොදවා තිබෙනවා. රැකියාලාභීන් ස්ථිර කරන්නේ රැකියාවට පත්ව වසර 10 කට පසුවයි. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් අනු කණ්ඩ ලෙස මෙම රැකියා ලබාදීම සිදුකිරීමට නියමිතයි. මෙම රැකියා ලබාදීමේ වැඩපිළිවෙල, රටේ තරුණ පිරිස් හමුදාකරණයට ලක්කිරීමක් ලෙස හැඳින්විය හැකියි. මෙම රැකියා ප්‍රමාණයෙන් ලක්ෂයක් මැතිවරණයට පෙර ලබාදීමට නියමිතයි. දිවයිනේ ග්‍රාමසේවා වසම් ප්‍රමාණය අනුව එක් ග්‍රාමසේවා වසමකට හිමිවන්නේ රැකියා අවස්ථා 06 ක් පමණයි. එක් ග්‍රාමසේවා වසමක අට ශ්‍රේණිය අසමත් තරුණ පිරිස් කෙතරම් ප්‍රමාණයක් සිටින්නේදැයි විමසා සිටින්න සිදුවෙනවා. මැතිවරණයට පෙර රැකියා ලක්ෂයක් ලබාදී මැතිවරණයෙන් පසු ඉතිරි රැකියා ප්‍රමාණය ලබාදෙන බවක් වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම තුළ සඳහන්ව තිබ්බේ නෑ.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ, නීතිඥවරියක වන බිරිඳක් මේ දිනවල ප්‍රදේශයේ කාන්තා සමිති ඇතුළු කාන්තා සංවිධාන වෙත ගොස් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බව පවසමින් අයදුම්පත් සම්පුර්ණ කරගනිමින් සිටිනවා. මෙම මුදල ආපසු ගෙවීමේදී රුපියල් පනස්දාහක් කොටස් වශයෙන් ගෙවිය හැකි බවත් ඉතිරි පනස්දාහක මුදල ආණ්ඩුව විසින් ගෙවන බවත් තමයි ඇය විසින් පවසන්නේ. රජයේ වැටුප් හෝ නිසිපරිදි ගෙවාගැනීමට නොහැකිව සිටින වත්මන් ආණ්ඩුවට මේ ආකාරයට ණය ලබාදීමේ හැකියාවක් තිබේදැයි විමසනවා අපි. මෙය ආණ්ඩුවේ තවත් බොරුවක්. මේ වනවිට දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්ටත් මෙම බොරුව පැතිරෙමින් තිබෙනවා.

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ පිරිස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පසුගිය කාලය පුරා දිගින් දිගටම චෝදනා එල්ල කළා. වෝහාරික විගණන වාර්තාව තුළින් ආණ්ඩුවේ සිටින කම්බ හොරුන් කවුරුන්දැයි මේ වනවිට හෙළිව තිබෙනවා. යහපාලන ආණ්ඩු සමයේදී මහා භාණ්ඩාගාරයට යම් අලාභයක් සිදුව ඇත්නම් එය නැවත අයකරගත හැකිබව වෝහාරික විගණන වාර්තාවේ සඳහන්.

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රුපියල් මිලියන 1047 ක අයුතු ලාභයක් ලබාගනිමින් වංචාවක් සිදුකර ඇති බව ද මෙම වාර්තාවේ සඳහන්. මෙම වංචාවේ පසුපස සිටින්නේ කවුදැයි විමසා සිටිනවා ආණ්ඩුවෙන්. 2006 වසරේ සිට 2015 වසර තෙක් ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙසත් මුදල් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා. ඔහු කම්බ හොරෙක්.

මහින්ද රාජපක්ෂ සමයේදී රට තුළ ක්‍රියාත්මකවී ඇත්තේ රාජපක්ෂ සමාගමක් බව පෙනීයනවා දැන්. රාජපක්ෂ සමාගම යටතේ අනු සමාගම් රැසක් තිබිලා තිබෙනවා. කබ්රාල් සමාගම යනු එවැනි එක් අනු සමාගමක් ලෙස හැඳින්විය හැකියි.

එයාර් බස් ගනුදෙනුව පිළිඳව ද මේ වනවිට තොරතුරු හෙළිවී තිබෙනවා. එවකට ශ්‍රී ලන්කන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනතා දේපළ සොරාකන ලද සමාගම් ලෙස ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා යන සමාගම් හැඳින්විය හැකියි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් රටේ ණය වාරික කපාහරින්නැයි එරටින් ඉල්ලා සිටිමින් රට හෑල්ලුවට ලක්කර, රටේ කීර්තිනාමය පළුදු කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු විටෙක ණය ගෙවාගැනීමට නොහැකි බව පවසමින් රට විදෙස් රටවලට බාල්දු කළේ නෑ. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යනු රට ණය උගුලකට හසුකරන ලද අයෙක්. දේශප්‍රේමීන් යැයි පවසාගන්නා පිරිසක් මේ වනවිට රට හෑල්ලුවට ලක්කරමින් සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට