සත්‍යයේ පුවත් අඩහැරය….

බලයට පත්ව මාස 03 ක් ගතවුවත් ආණ්ඩුව මේ දක්වා රට හෝ ජනතාව ගැන සිතා කිසිදු සේවයක් සිදුකර නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල

Podu Jana Peramunaබලයට පත්ව මාස 03 ක කාලයකට ආසන්න වුවත් වත්මන් ආණ්ඩුව විසින් මේ දක්වා රට හෝ රටේ ජනතාව ගැන සිතා කිසිදු සේවයක් සිදුකර නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. අලවතුවල මහතා මෙහිදී පහත පරිදි අදහස් දක්වන ලදී.

වත්මන් ආණ්ඩුව පසුගිය ජනාධිපතිවරණයේ දී දේශප්‍රේමිත්වය, රට, ජාතිය, ආගම සහ රටේ ජනතාව පිළිබඳව දැඩි උනන්දුවකින් අදහස් දැක්වුවත් මේ වනවිට ඒ ප්‍රකාශ ගැන සිතා සේවයක් සිදුකර නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්කළ හැටනව ලක්ෂයක ජනතාව මුළාවේ දැමීමක් තමයි ආණ්ඩුව කරලා තිබෙන්නේ.

“වැඩ කරන විරුවා” යන අන්වර්ථ නාමයෙන් ජනාධිපතිවරයා හැඳින්වුව ද අද වනවිට රජයේ ආයතන ගණනාවක සේවකයින්ට සිය රාජකාරිය හරියාකාරව කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලය සමස්තයක් ලෙස පසුඟිය ආණ්ඩුව විසින් ලාභ ලබන ආයතනයක් බවට පත්කර තිබුණත් වැඩකරන විරුවා බලයට පත්වී එම ආයතනය පාඩු ලබන ආයතනයන් බවට පත්කරමින් සිටිනවා.

පසුගිය ආණ්ඩුව නිසි පටිපාටියකට අනුව සමෘද්ධි බැංකු සඳහා බඳවාගත් සේවකයින්ට වැටුප් හා දීමනා නොගෙවීමට වත්මන් බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. එය සදාචාර පටහැනියි. අපේ ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා දීමනා 2020 ජනවාරි මස සිට ඉහළ දැමීමට සියළුම කටයුතු සංවිධානය කර තිබුණත් ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමත් සමඟ බලයට පත්වු වත්මන් බලධාරීන් එම යෝජනා අත්හිටුවීමට කටයුතු කරලා. රණවිරුවන් වෙනුවෙන් සහ රට ජාතිය වෙනුවෙන් නිබඳව අදහස් දැක්වු වත්මන් පාලකයින් ගමන් කරන්නේ කුමන ස්ථානයකට ද යන්න ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් මැනවින් අවබෝධකරගත හැකියි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇති වු වංචාවක් සම්බන්ධව එහි හිටපු විධායක අධ්‍යක්‍ෂවරයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ බැංකු ගිණුම්වලට එම මුදල් බැරවී ඇතැයි මාධ්‍ය මඟින් ද වාර්තා කළා. ඒ නිසා අසත්‍යයක් නොවන බව පැහැදිලියි.

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව අදාළ සාකච්ඡාවන් සිදුව ඇත්තේ කථානායක නිල නිවසේදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ දින 52 ආණ්ඩු සමයේ දී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ විධායක අධ්‍යක්‍ෂවරයා ශ්‍රී ලංකා ගුවන් සමාගමට පත්කර තිබෙනවා. එම කාලයේ එහි සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තේ මහින්ද රාජපක්ෂත මහතාගේ මස්සිනා. රජයේ ආයතනයන් සඳහා කුලී පදනම මත වාහන ලබාගැනීමේ දී කෝටි 243 ක වියදමක් රජයට දැරීමට සිදුවන නිසා කුලී පදනම මත වාහන ලබාගැනීමේ ලිපියට අත්සන් නොකළ බැවින් තමාව අදාළ තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළේයැයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය හෙළා දකිනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබදව පැවැත්වු සියළුම සාකච්ඡා මේ වනවිට අවසන් කරලා තිබෙන්නේ. ඉදිරියේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් දේශපාලන සන්ධානයක් පිහිටුවීමට කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රි කිත්සිරි මංචනායක මහතා ද මෙම මාධ්‍ය හමුවට සහභාගි වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට