කොරොනා වෛරසයෙන් මියගිය ප්‍රමාණය දහස ඉක්මවයි..
චීනය තුළ පැතිර යන නව කොරොනා වෛරසය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව 1013 ක් තෙක් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. වෛරසය පැතිර යාමෙන් පසු පැය 24 ක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සංඛ්‍යාව ඊයේ (10) වාර්තා වී තිබේ. ඒ අනුව චීනයේ හුබෙයි පළාතෙන් පුද්ගල මරණ 103 ක් වාර්තා වී තිබේ. කොරෝනා වෛරසය ආසාදිතවූ පුද්ගලයින් සංඛ්‍යාව 42200 ක් බවද විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.