සත්‍යයේ පුවත් අඩහැරය….

පහරදීමක් හේතුවෙන්, සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විරෝධතාවයකට ..

Podu Jana Peramunaරාජකාරියේ යෙදී සිටියදී වෙරළ සංරක්‍ෂණ නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පහරදුන් ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලීමින් සංවර්ධන නිලධාරී සේව සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා විසින් ජනාධිපතිවරයාට ඇතුලු බලධාරීන් වෙත ලිපියක් යොමු කිරීමට කටයුතු කර ඇත.පසුගිය (17) වන දින හික්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ නියුතු වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ සංරක්‍ෂණ නිලධාරි පී. ඒ. කි‍්‍රස්ටි විජයකුමාර මහතාට ආණ්ඩුවට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇත.ගොඩගම ප‍්‍රදේශයේ පිහිටි රෙබෙකා ගාර්ඞ්න් හෝටලයේ හිමිකරු විසින් වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරලෙහි ආරක්‍ෂිත ගල්වැටි ඇතුලූ ප‍්‍රදේශය අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් සිය රාජකාරි කටයුතු වෙනුවෙන් මැදිහත් වු වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වෙරළ සංරක්‍ෂණ නිලධාරි කි‍්‍රස්ටි විජයකුමාර මහතාට පසුගිය 17 දින ප.ව. 3.15 ට පමණ ඉහත පුද්ගලයින් අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර කෑමට ලක් වූ ඉහත නම් සඳහන් රජයේ නිලධාරියා මේ වනවිටත් කරාපිටිය ශික්‍ෂණ රෝහලේ රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින අතර අදාළ පුද්ගලයින්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවී ඇති බවට සංවර්ධන නිලධාරී සේව සංගමය චෝදනා කරයි. අනවසර ගොඩ කිරීම ඡායාරූප ගත කර අදාල කටයුතු නතර කරන ලෙසට කියමින් කි‍්‍රයාත්මක වීමේදී නීති විරෝධි කටයුතුවල යෙදුනු පිරිස වෙරළ සංරක්‍ෂණ නිලධාරිවරයා බිම පෙරළා අමානුෂික ලෙස පහර දී නැවත නැගිට්ටවා හිස පොල්ගසක ඇන නිලධාරියා පැමිණි යතුරුපැදියට පවා හානි කරමින් සිදුකර ඇති අමානුෂික පහරදී ඇත. පහර දීමට අදාල පුද්ගලයින් නීතිය හමුවට නොගෙනාවොත් ඉදිරි දිනවලදී දීපව්‍යාප්ත විරෝධතාවයකට අවතීර්ණ වන බවද එම සංගමය විසින් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට