සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව ආර්ථික කළමණාකරනය නිසිපරිදි සිදුකිරීමට අපොහොසත් වෙලා – ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන

Podu Jana Peramunaපැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2020 අප්‍රේල් මාසය තෙක් රටේ සියළු අංශ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් මුදල් වෙන්කර තිබුන ද වත්මන් ආණ්ඩුව මේ වනවිට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇති බවත් ඒ තුළින් 2020 අප්‍රේල් මාසය දක්වා වෙන්කරන ලද මුදල ආණ්ඩුව විසින් හොරාකනු ඇති බවත් මෙය ජනතා මුදල් ආවභාවිතා කිරීමක් වන අතර එවැන්නකට කිසිසේත්ම ඉඩක් ලබානොදෙන බව එක්සත් ජාතික පක්ෂය අනාවරණය කර සිටියි. සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී කාවින්ද ජයවර්ධන මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සිය පාලන කාලය තුළ ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට කටයුතු කළා. ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් එම සමයේදී ක්‍රියාමාර්ග රැසක් දියත් කළා. සංචාරයක් සඳහා පසුගියදා ඉන්දියාවට ගිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඉන්දියාවට ගෙවීමට තිබෙන ණය ගෙවාදැමීමට නොහැකි බව පැවසීමෙන් මෙරට ආර්ථිකය බංකොළොත්වී ඇති බව මුළු ලොවටම ඒත්තු ගියා. විදෙස් ආයෝජන මෙරටට පැමිණීම පහළ ගොස් තිබෙනවා ඒ හේතුවෙන්.

පසුගිය ආණ්ඩුව ආර්ථික කළමණාකරනය මැනවින් සිදුකළ නමුත් වත්මන් ආණ්ඩුව ආර්ථික කළමණාකරනය නිසිපරිදි සිදුකිරීමට අපොහොසත් වෙලා. එයාර් බස් ගනුදෙනුවේදී කප්පම් වශයෙන් ගන්නා ලද මුදල් ලබාගන්නා ලද්දේ කවුරුන් විසින්දැයි විමසා සිටිනවා. පොහොර සහනාධාරය අත්හිටුවලා. ගැබිණි මාතාවන්ට ලබාදෙන ලද සහන මල්ල අහෝසි කරලා. වතු කම්කරු වැටුප රුපියල් දහසක් කිරීමේ තීරණය ද මෙතෙක් ක්‍රියාත්මක කර නෑ. පසුගිය ආණ්ඩුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළදැමුවා. ඉන්ධන මිල පහළ දමා රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට ද කටයුතු කළා. ජනතාවට සහන දීමට හැකියාවක් නොමැති වත්මන් ආණ්ඩුවට කළහැක්කේ සයින්දමරුදු ප්‍රදේශයට වෙනම රාජ්‍යයක් ලබාදීම පමණයි.

මේ වගේ දෙයක් අපේ ආණ්ඩුව කළානම් විවිධ චෝදනා එල්ලකරනවා. සයින්දමරුදු ප්‍රදේශයේ වවා තිබෙන ඉඳි ගස් ගලවා, සවිකර ඇති පුවරු ඉවත්කරන බව බලයට පැමිණීමට පෙර වත්මන් ආණ්ඩුව විසින් ප්‍රකාශ කළා. ඒ කාලයේ වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම වෙනුවෙන් කටයුතු කළ විවිධ සංවිධාන, දේශපාලඥයින්, ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජ්‍ය පක්ෂය මේ වනවිට නිෂ්ශබ්දව සිටිනවා. රණවිරුවන් මේ වනවිට කොළඹ කොටුවේ උද්ඝෝෂණයක නිරතව සිටිනවා. පැවති ආණ්ඩු සමයේ රණවිරුවන් කොළඹ කොටුවේ උද්ඝෝෂණය කරන විට එම ස්ථානයට ගොස් සිය ආණ්ඩුවකින් රණවිරු ගැටළු සඳහා විසඳුම් ලබාදෙන බව පැවසූ වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින්, මාධ්‍ය ආයතන, පූජ්‍ය පක්ෂය මෙන්ම නිලධාරීන් මේ වනවිට කොහෙද ඉන්නේ? එම පිරිස දේශපාලන වාසි වෙනුවෙන් පමණයි රණවිරුවන් යොදාගත්තේ.

දැන් රණවිරුවන් හපපු චුයිංගම් එකක් බවට පත්වෙලා. අපගේ ආණ්ඩු සමයේ රණවිරු දීමනා සියල්ල ලබාදීමට කටයුතු කළා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට