සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව විශ්වාසයි – එක්සත් ජාතික පක්ෂස පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaපක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් අවසන් තීන්දුවකට අනුව හංසයා ලකුණින් මහමැතිවරණයට තරඟ කිරීමට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවත් කුමන ලකුණකින් ඉදිරිපත් වුව ද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානය ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂස පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි.ඊයේ (20) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට මේ වනවිට මෙරට සියළුම දේශපාලන පක්ෂ සන්ධානගතව ඇති අතර ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාවගේ වැඩි කැමැත්ත පවතින්නේ එක්සත් ජාතික පක්ෂයට නිසා පක්ෂය මුලිකත්වයෙන් ඉදිරි මහමැතිවරණය සඳහා ඉදිරිපත්වීමට නියමිතයි. එම සන්ධානයේ ලකුණ පිළිබඳව ගැටළුවක් පැවති නමුත් අද වනවිට එම ගැටළුව විසඳාගැනීමට කටයුතු කරමින් සිටිනවා. රට තුළ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නැවත ඇතිකිරීමට කිසිදු අවස්ථාවක ඉඩලබානොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැවසුවත් ප්‍රාදේශීය මට්ටමින් එවැනි වටපිටාවක් දක්නට ලැබෙන්නේ නෑ.

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිකිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා විසින් පොරොන්දුවක් ලබාදුන්නත් මේ දක්වා එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කරලා නෑ. ඉදිරි මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා. වතුකම්කරුවන් කිසිදු අවස්ථාවක ඊලම ඉල්ලන්නේ නෑ. ඔවුන් සෑම අවස්ථාවකදීම ඉල්ලන්නේ සරිලන වැටුපක්.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට