සත්‍යයේ පුවත් අඩහැරය….

දැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට සහන ලබාදුන්නේ කෙසේදැයි ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වෙලා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක

Podu Jana Peramunaදැවැන්ත ණය බරක් තිබියදී පවා පැවති යහපාලන ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටුකරන ලද ආකාරය, වර්තමාන ආණ්ඩුවට ප්‍රහේළිකාවක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. රවී කරුණානායක මහතා මෙම අදහස් පළකළේ අද (26) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

කරුණානායක මහතා මෙහිදී පහත පරිදි තවදුරටත් මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

දැවැන්ත ලෙස කඩාවැටී තිබූ ආර්ථිකයක් සමඟ දණින් වැටීතිබූ රටක් භාරගත් පසුගිය යහපාලන ආණ්ඩුව බලයට පත්ව ගතවූ මුල් දින 100 ක කාලය තුළ එම ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවට සහන රැසක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කළා. ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම, විශ්‍රාම වැටුප් ඉහළ දැමීම, ඉන්ධන, ගෑස්, විදුලි ගාස්තු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීම මෙන්ම හමුදාවේ සහ පොලිසියේ වැටුප් ඉහළ දැමීම වැනි කාර්යයන් රැසක් සිදුකළා.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව දින 100 ක කාලයක් ගතව ඇතත් බලයට පත්වනවිට ජනතාවට ලබාදෙන ලද පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටුකරලා නෑ. අපි විසර්ජන පනතට විරෝධය පළකරන ලද්දේත් ආණ්ඩුවේ මෙවැනි කටයුතු හේතුවෙනුයි. මූල්‍ය කළමණාකරනය නිසිපරිදි සිදුකරමින් මුල්‍ය විනයක් ඇතිකර රට පාලනය කිරීමට ඒ අනුව පැවති ආණ්ඩුව කටයුතු කළා.

පසුගිය ආණ්ඩු සමය තුළ තමන් දකුණු ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා බවට තමන් පත්වූයේ මුදල් ලබාදී නොවෙයි. එම ධූරයේ නිසිපරිදි කටයුතු කළ නිසයි එවැන්නක් ලැබුනේ. වත්මන් ආණ්ඩුවේ පිරිස් 2002 සිට 2015 තෙක් කටයුතු කළ ව්‍යාජ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සත්‍ය රටට හෙළිවෙමින් තිබෙනවා.

රේගුව සඳහා දින 90 ක පමණ සිට අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් සිටියේ නෑ. එහිදී මංගල සමරවීර මහතා විසින් එම තනතුරට හමුදා නිලධාරියෙකු පත්කිරීමට උත්සහ කළ අවස්ථාවේ විවිධ පාර්ශව විරෝධතා දියත්කළා. එසේ විරෝධතා පැවැත්වීම අවශ්‍ය නිදහස සහ අවස්ථාව එම කාලයේදී පැවතියා. නමුත් ඒ තනතුරට මේ වනවිට හමුදා නිලධාරියෙකු පත්කර තිබියදී එසේ විරෝධතා නොදක්වන්නේ ඇයි? මෙලෙස දෙයාකාරයකට කටයුතු කරන්නේ ඇයි?

මේ වනවිට රට තුළ විශාල විදුලි අර්බුදයක් මතුවෙමින් තිබෙනවා. ඒ අනුව මෙගාවොට් 200 කට වැඩි ප්‍රමාණයක් හදිසි විදුලි ඇණවුම් ක්‍රමවේදයකට අනුව ලබාගැනීමට සිදුෙවලා. ලබන මාර්තු මාසය පමණ වනවිට මෙම තත්ත්වය තවත් උග්‍ර වේවි. මෙගාවොට් 500 ක පමණ විදුලි හිඟයක් ඇතිවිය හැකියි ඒ අනුව. විපක්ෂය ලෙස අපි විමසනවා මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි කියලා? ඩීසල් මඟින් නිෂ්පාදනය කරන විදුලිය මිලදී ගැනීම අධික වියදමක් දැරීමට සිදුවන්නක්. විපක්ෂයට බැණ බැණ නොසිට මෙවැනි ගැටළුකාරී තත්ත්වයන්ට වහාම විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවෙන් අප ඉල්ලා සිටිනවා.

මේ ආකාරයට රට තුළ ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති අවශ්‍ය වී තිබෙනවා. දක්ෂිණ අධීවේගී මාර්ගයේ කොටසක් යළි විවෘත කිරීමට ආණ්ඩුව කටයුතු කරලා. පැවති ආණ්ඩුව විසින් ඉදිකරන ලද එම මාර්ග කොටස, පසුගිය ජනාධිපතිවරණය සමයේදී විවෘත කිරීමට නියමිතව තිබුනත් මැතිවරණයක් ආසන්නව පැවති නිසා යම් දේශපාලනමය ගැටළුකාරී තත්ත්වයක් මතුවෙනු ඇති බැවින් එය විවෘත නොකරන්නැයි මැතිවරණ කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමට අනුව එම කොටස විවෘත කළේ නෑ. නමුත් පැවති ආණ්ඩුවේ විවිධ ඉදිකිරීම් වත්මන් ආණ්ඩුව විසින් විවෘත කරමින් සිටිනවා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතා වගකීමෙන් යුතුව කටයුතු කළයුතුයි. කොරෝනා වෛරසය පාලනය කිරීම වෙනුවෙන් ආණ්ඩුව දියත් කර ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සතුටට පත්වුනත් විසඳුම් සහිතව අවශ්‍ය කටයුතු සිදුකළයුතුව තිබෙනවා. වෘත්තීය ඉල්ලීම් මුල්කරගනිමින් මෙරට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලෙඩ නිවාඩු වාර්තා කරලා. පැවති ආණ්ඩුව, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහළදැමීමට අවශ්‍ය පියවර ගත්තා. නිසි සැලකුම් සිදුකරන ලද තත්ත්වයකදී පවා මෙරට රාජ්‍ය සේවකයින් බහුතරයක් ජනාධිපතිවරණයේදී පැවති ආණ්ඩුව ප්‍රතික්ෂේප කළත් එම තීරණයේ වැරදි හෝ නිවැරදිභාවය ඇතැම්විට ඔවුන්ට මේ වනවිටත් තේරුම්ගොස් තිබිය හැකියි.

රාජ්‍ය ආදායම පහළයාමෙන් ආර්ථිකය තුළ භයානත තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. වැඩියෙන් ණය ලබාගෙන රට සංවර්ධනය කිරීමට උත්සහ කළත් සිදුවන්නේ රට නැවත ප්‍රපාතයට වැටීම පමණයි. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් විවිධ ආර්ථික තර්ක විතර්ක ඉදිරිපත් කළ ද ජනතාවට සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කරලා නෑ.

සයින්දුමරුදු ප්‍රදේශය සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීමේදී ඊට විරෝධය පළකරන ලද පිරිස් විසින් එම ප්‍රදේශයට වෙනම නගර සභාවක් සම්මත කරගත්තත් මේ වනවිට එය නැවත අහෝසි කරලා. එවැන්නක් සිදුකළේ තමන් විසින් යැයි කරුණා අම්මාන් විසින් පවසා ඇති අතර පැවති ආණ්ඩුව ගන්නා ලද තීරණය නිවැරදිදැයි නැතහොත් වැරදිදැයි විමසා සිටිනවා. විවිධ පුද්ගලයින් යොදාගනිමින් ආගම් කුපිත වන අන්දමේ කටයුතු සිදුනොකරන්නැයි ආණ්ඩුවට අවධාරණය කරනවා.

ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වන සළකුණ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය විසඳාගැනීමට කටයුතු කරනවා. සිය පුද්ගලික මතය නම් අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත්විය යුතුය යන්නයි. පක්ෂය තුළ ඇතිවී තිබෙන මතභේදකාරී තත්ත්වය සමනය කරගනිමින් ඉදිරියට අවශ්‍ය කටයුතු සිදුකරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට