සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaවත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් රජය විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පැවති රට සැලසුම් සහගතව මිලිටරිකරණයට ලක්කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා චෝදනා කර සිටියි. ඊයේ (26) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අශෝක් අබේසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදි අශෝක අබේසිංහ මහතා පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකර සිටියේය.

අද වන විට මහපාරේ රථ වාහන හැසිරවීමේ සිට සියලූ සැලසුම් හා තීන්දු තීරණ ගැනීම දක්වා හමුදාව යොදාගැනීමට පියවර අරන්. එය දැඩි ලෙස හෙළා දකිනවා. රාජ්‍ය සේවයේ කටයුතුවලට අනවශ්‍ය ලෙස හමුදාව යොදාගැනීම ඉදිරියේ දී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට හේතුවක්. ඒ අනුව භීතියට පත්වූ රටක් වෙනුවට නිදහසේ ජිවත්විය හැකි රටක් බිහිකිරීම සඳහා සමඟි ජන බලවේගය වටා එක්වන්නැයි රටේ සමස්ත ජනතාවට ආරාධනා කරනවා. වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මේ වනවිට දින 100 ක් ගතව ඇතත් බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබු කිසිදු පොරොන්දුවක් මේ දක්වා ඉටුකිරීමට පියවර අරන් නෑ. මේ හේතුවෙන් රජය පත්කිරීමට කැපවු ජනතාව අපේක්ෂාව භංගත්වයට පත්වෙලා.

2015 ජනවාරි 8 වන දින පැවති ජනාධිතිවරණයෙන් ජයගත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ පිහිටවු යහපාලන ආණ්ඩුව විසින් දින 100 ක සැලැස්මක් සකසා කඩිනමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. එම ආණ්ඩුව යටතේ ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට සහන ලබාදීමට කටයුතු කළා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා ඇති කර රාජ්‍ය ආයතනයන් ස්වාධීන ආයතනයන් බවට පත්කළා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමට හැකි වුනා එමඟින්. රටට සහ රටේ ජනතාවට දින 100 ආණ්ඩුව යටතේ විශාල සේවයක් සිදු කළේ මන්ත්‍රිධුර 42 ක් පවතින තත්ත්වයකදීයි. මන්ත්‍රිවරු 95 ක් සිටින වත්මන් ආණ්ඩුවට ජනතාවට සේවය කිරීමට හැකියාවක් නැති බවත් සුළුතර බලයක් පවතින නිසා ඉදිරි මහ මැතිවරණයෙන් 2/3 ක බලයක් අවශ්‍ය බවත් පවසනවා. ජනාධිපතිවරණයේ දී බලයට පත් වු විගස සහන ලබාදෙන බවට පවසා සිටි වත්මන් බලධාරීන් සිය ජයග්‍රහණයෙන් පසුව මෙලෙස ජනතා සහන අමතක කරමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක්.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයකට ගොස් ණය විරාමයක් ඉල්ලුවා. එවැනි දුබල තත්ත්වයකට වත්මන් ආණ්ඩුව රට පත්කරලා. පසුගිය පාලනය තුළ දී එවැනි තත්ත්වයකට රට පත්කිරීමට කටයුතු කළේ නෑ. වත්මන් ආණ්ඩුව බලයට පත්ව ගතව ඇති දින 100 ඇතුළත ජාත්‍යන්තරය ඉදිරියේ රට දැඩි ලෙස හෑල්ලූවට ලක්කරලා. ගතව ඇති දින 100 ක කාලය තුළ රට සීඝ්‍රරයෙන් මිලිටරීකරණයට ලක්වෙමින් පවතිනවා. රටේ ජනාධිපති, ආරක්ෂක ලේකම්, වරායේ සභාපති, රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආදි රටේ ඉහළම තනතුරු අද දරන්නේ විශ්‍රාමික හමුදා නිලධාරින් වන අතර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙසත් හිටපු හමුදා නිලධාරියෙක් පත්කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. 264000 ක් වන විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් අද දින ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට පියවර අරන්. 2015 දී පැවති යහපාලන රජය යටතේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගත්තා. ඒ අනුව ගුරු සේවය සංවෘත සේවයක් කිරිමට අවශ්‍ය සාකච්ඡා පවත්වා යම් යම් තීන්දු තීරණ ගත්තා. එම තීරණ ක්‍රියාත්මක වනතුරු ගුරුවරුන්ට රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාවක් ලබාදිමට යෝජනා කළත් අද වනවිට එම දීමනාවත් කප්පාදු කරලා. මේ හේතුවෙන් අද පාසල් පද්ධතියම අකර්මණ්‍ය වෙලා. රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප්, දිමනා සියල්ලම කප්පාදු කරලා මේ ආණ්ඩුව. රණවිරුවන් වෙනුවෙන් හඩා වැටුනු ආණ්ඩුව අද වන විට ආබාධිත රණවිරුවන් යළි මහපාරට ඇදලා දාලා. මේ රජය රණවිරුවන් සහ මහාසංඝරත්නය පිළිබඳ කිඹුල් කදුලූ හෙළා බලයට පත්වුනා. ආණ්ඩුවට ඡන්දය ලබාදුන් 69 ලක්ෂය මෙන්ම සමස්ත ජනතාවම අද ආණ්ඩුවේ තරම හොඳින් තේරුම් අරන්. විදේශගතව ඉඳලා මෙරටට පැමිණ ඡන්දය ලබාදුන් ජනතාව ද තේරුම් අරන් ආණ්ඩුවේ තත්ත්වය.

නැවත මේ රට භාර දුන්නේ පරණ හොරු රැළටම යනුවෙන් දැන් ජනතාව තේරුම් අරන්. තමන්ඡට න්දය දීපු ලක්ෂ 69 ක ජනතාවට මුහුණ දිමට මේ ආණ්ඩුවට නොහැකි තත්ත්වයක් උදාවෙලා. මේ රජය දැන් දිනෙන් දින ජනතා අප්‍රසාදයට පත්වෙමින් පවතිනවා. බොරු පොරොන්දු දිලා බලයට පත්වූ ආණ්ඩුව එළඹෙන මහමැතිවරණයේදී පරාජය කරන්න සමඟි ජන බලවේගය සමග පෙරට එන ලෙස රටේ සියලූම ජනතාවට ආරාධනා කරනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට