සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුව මේ වනවිට සීඝ්‍රගාමී සහ අධිවේගී සහන කප්පාදුවක් දියත් කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව මේ වනවිට සීඝ්‍රගාමී සහ අධිවේගී සහන කප්පාදුවක් දියත් කර ඇති අතර රටේ සමස්ත ජනතාවම දැඩි පීඩාවකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පහත පරිදි අදහස් පළකළේය.

පසුගිය මැතිවරණ වේදිකා වලදී විවිධ ආහාර වර්ග ප්‍රදර්ශනය කරමින් සැප ද, සතුටු ද යනාදී වචන භාවිතා කර යම් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට ඇතැම් දේශපාලඥයින් කටයුතු කළා.

ජනාධිපතිවරණයත් සමඟ සිදුවූ පරිවර්තනයෙන් පසු භාණ්ඩ මිල ඉහළයාම තුළ සතුටක් ඇත්තේ කාහටදැයි පෙරළා ප්‍රශ්න කිරීමට සිදුවනවා. මෙම තත්ත්වය හමුවේ ජනතාව දැඩි කළකිරීමකට පත්ව සිටිනවා. රාජ්‍ය සේවක දීමනා, වැටුප්, විශ්‍රාමික දීමනා කප්පාදු කරලා. ලෝක තෙල් මිල පහළ ගොස් ඇතත් මෙරට තෙල් මිල පහළ දැමීමට පාලකයින් කටයුතු කරලා නෑ. මෙම අදූරදර්ශී මිල සූත්‍රය කුමක්දැයි විමසා සිටිනවා.

නොමිලේ තබා මුදලට හෝ ලබාගැනීමට පොහොර නෑ. වී සඳහා වන සහතික මිල ක්‍රියාත්මක වන්නේ නෑ. ගැබිණි මව්වරුන්ට ලබාදෙන ලද සහන මල්ල අත්හිටුවලා. මෙරට ඉඩම් සම්පත විදෙස් රටවල් ඇතුළු සමාගම් වලට කුණු කොල්ලයට විකුණාදැමීමේ ගමන ද ආණ්ඩුව මේ වනවිට ආරම්භ කරලා. මේ වනවිට විශාල පිරිසකට රැකියා අහිමිවී ඇති බවත් වත්මන් ආණ්ඩුව කෙරෙහි තබන ලද විශ්වාසය කඩවී විරෝධතා දියත් කිරීමට මෙරට රණවිරුවන්ට සිදුව ඇති බවත් ඒ අනුව කඩවුණු පොරොන්දු ඉදිරියේ අතරමංවීමට රණවිරු ප්‍රජාවට සිදුවෙලා.

රටට කොඩිවිනයක් ලෙස අර්ථකථනය කළ එම්.සී.සී. ගිවිසුම සුද්ධ පවිත්‍ර කර ජනතාව වෙත ඉදිරිපත් කර අත්සන් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් සිටිනවා. ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය හමුවේ ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්වෙලා. ජනතාවත් රටත් මුදවාගැනීම සඳහා සමඟි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සියළු බලවේග සමඟ නව ක්‍රියාදාමයක් ඔස්සේ කටයුතු කරනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අද දිනයේදී නිල වශයෙන් ප්‍රධාන කොටස්කරුවෙක් ලෙස සමඟි ජන බලවේගයට එක්වනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට