සත්‍යයේ පුවත් අඩහැරය….

මහජන මුදල් කොල්ලකෑවේ කවුරුන්දැයි ජනතාවට මනාව අවබෝධ වී අවසන් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර්

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව ජනතා මුදල විනාශකර ඇති බවට ආණ්ඩුව චෝදනා කළ ද මහජන මුදල විනාශකිරීම සහ කොල්ලකෑම සිදුකර ඇත්තේ කවුරුන්දැයි යන්න මේ වනවිට ජනතාවට මනාව අවබෝධ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. මරික්කාර් මහතා මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ 07, විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මරික්කාර් මහතා මෙහිදී පහත පරිදි සිය අදහස් පළකළේය.

අද වනවිට එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව යම් යම් අදහස් පළවෙමින් පවතිනවා. ශ්‍රි ලංකන් සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයක පවතින්නේ ඒ තුළ සිදුවන වංචා, දුෂණ සහ සොරකම් නිසයි. මෙම මුල්‍ය වංචාව සම්බන්ධව සම්පුර්ණ තොරතුරු අපි පසුගිය කාලය පුරා හෙළිදරව් කළා. එහි මුදල් ඕස්ට්‍රේලියාවට සහ සිංගප්පුරුවට ගොස් නැවත මෙරටට පැමිණියේ කෙසේද යන්න පිළිබඳව සියළුම තොරතුරු හෙළිදරව් කළා. මෙම වංචාව මෙරට ඉතිහාසයේ සිදුවු දැවැන්තම මූල්‍ය වංචාව ලෙස පෙන්වාදිය හැකියි.

අද වනවිට සිදුවී ඇත්තේ ආණ්ඩු පක්ෂයේ හොරුන් විපක්ෂය විසින් ආරක්ෂා කිරීමක් සහ විපක්ෂයේ හොරුන් ආණ්ඩු පක්ෂය විසින් ආරක්ෂාෂ කිරීමක්. මෙලස හොරුන් ආරක්ෂාශ නොකරන්නැයි දෙපාර්ශයෙන්ම ඉල්ලා සිටිනවා. ඉදිරි මහමැතිවරණයේ දි රටට සුදුසු පාලකයින් තෝරාපත්කර ගැනීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අහිංසක ජනතාවගේ බදු මුදල් වංචා කරමින් සැප සම්පත් විදින දේශපාලඥයින් මේ රටට අවශ්‍ය නෑ. මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය විවෘත කිරිම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාඟිත්වයෙන් සිදුකළා.

වැඩකරන විරුවා අද වනවිට මුළු රටම විනාශ කරලා. යහපාලන ආණ්ඩුව සමයේ දී බී ළූණු රුපියල් 180 ක් වැනි මුදලකට අලෙවි වු අවස්ථාවේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් දැන් සැප ද යනුවෙන් විමසා සිටියා. අද වනවිට බී ළූණූ කිලෝවක් රුපියල් 320 ක්. දැන් අපට විමසීමට ඇත්තේ දැන් දුකද යනුවෙන්. ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට කටයුතු යොදා තිබු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කළහොතක් රට විනාශවන බව චෝදනා කරමින් ජනතාව මුලාවට පත්කළ වත්මන් පාලකයින් අද එම ගිවිසුම හොඳ බව පැවසීම විහිළුවක්.

රට තුළ පවතින නියඟ කාලගුණ තත්ත්වය නිසා විදුලිය නිෂ්පාදනය කිරීමට තරම් ප්‍රමාණවත් ජලය නොමැති තත්ත්වයක් පැවතියත් එය ද පසුඟිය ආණ්ඩුවේ වැරදි නිසා සිදුවන බවට මහින්ද අමරවීර මහතා පවසනවා. එතුමාත් යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ බැවින් එලෙස පවසා සිටින්නේ කෙසේදැයි විමසා සිටිනවා.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට