සත්‍යයේ පුවත් අඩහැරය….

මරදානේ නිවාස සංකිර්ණයක පවුල් 400ක් හුදෙකලා කිරීමට පියවර..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් මෙරට සිදුවු 03 වැනි මරණය ඊයේ (01) දින වාර්තා විය. මෙලෙස මියගොස් ඇත්තේ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුට මෙම වෛරසය ආසාධිත වී ඇති බවට තහවුරු කරගෙන පැය 24ක් ඉක්ම යන්නට පෙර එම පුද්ගලයා මියගොස් ඇති බව සඳහන්.

එමෙන්ම එම පුද්ගලයාට මීට අමතරව දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ දීර්ඝ කාලින වකුගඩු අඩපණ වීම වැනි රෝග කිහිපයක් ද තිබී ඇති බව ස්‍රෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර ඇත.

මෙම තත්ත්වය අනුව ඉහත පුද්ගලයා පදිංචිව සිටි මරදාන ප‍්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයේ සිටින පවුල් 400 කට අයත් පුද්ගලයින්ට එම නිවාස සංකීර්ණයෙන් පිටවීමට මෙන්ම බාහිර පුද්ගලයින්ට ඊට ඇතුළුවීම සීමා කීරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊට අමතරව මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් පිරිසක් ද මේ වනවිට වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට