නීතිවිරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ කතක් පොලිස් දැලේ…
නීති විරෝධි මත්පැන් බෝතල් 75 ක් සමඟ සැකකාරියක් මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරගහහේන පොලිස් වසමේ වැල්මිල්ල ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී වයස අවුරුදු 40ක් වු මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට පත් සැකකාරියට හෙට (03) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.