සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු අද, හෙට සහ 06 වෙනිදා…

Podu Jana Peramunaජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා වන පහසුකම් අද (02), හෙට (03) සහ 06 යන දිනයන්හිදි සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව තැපැල් කාර්යාලවලින්, ග්‍රමීය බැංකුවලින් හා රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවලින් විශ්‍රාම වැටුප් ගෙවීමට පහසුකම් සලසා ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත. එමෙන්ම එම කටයුතු යුධ හමුදාව විසින් සම්බන්ධීකරණය කරන බවත් අදාළ දිනවල සියලු ඖෂධ අලෙවිසල් ද විවෘතව තබන ලෙස උපදෙස් දුන් බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර ඇත. මේ සම්බන්ධව අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර ඇත්තේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු ග්‍රාම නිලධාරීවරුන් සහ යුද හමුදා නිලධාරින් එක්ව සිදුකරන බවයි. විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පැමිණෙන පිරිස් ප්‍රවාහනය සඳහා ලංගම බස් රථ යොදවන බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා විසින් පවසා ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට