මහ මැතිවරණය ජුනි 20 ..
ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් 2020 මහ මැතිවරණය පැවැත්වීමට දිනයක් නියම කර ඇති බව එම කොමිසමේ මාධ්‍ය ඒකකය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වන සෙනසුරාදා පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇත. ඊයේ රාත්‍රියේ කොමිසම මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.