සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළ යුත්තේ සියළු කණ්ඩායම් එක්ව කෝරෝනාව පරාජය කිරීම මිස අධික වියදමකින් මැතිවරණයක් පැවැත්වීම නොවේ – රාජිත සේනාරත්න.

Podu Jana Peramunaරට තුළ ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය තුළ එය මර්දනය කිරීමට සියළුම දේශපාලන පක්ෂ කණ්ඩායම් ඒකරාශි වී කටයුතු කළ යුතුයැයි සමගි ජන බලවේගය අවධාරණය කරයි.අද (22) කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම සන්ධානයේ සාමාජික, හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා විසින් මේ බව සඳහන් කරන ලදී. එහිදි අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ පවතින තත්ත්වය දෙස දේශපාලන කෝණයකින් නොබලා ජනතාව මෙම ගැටළුවෙන් මුදා ගැනීම සඳහා ආණ්ඩුව විසින් අනෙකුත් දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ විද්වතුන් ඒකරාශි කරගැනීමට කටයුතු කළ යුතු බවයි.එහිදි අනෙකුත් දේශපාලන පක්ෂ විසින් ද මෙම අවස්ථාවේදි රජයට සහයෝගය දියයුතුව ඇති බව ද ඒ මහතා විසින්වැ පෙන්වාදෙන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ඉදිරි මහ මැතිවරණය සාමාන්‍ය පරිදි පවත්වනු ලැබුවහොත් ඒ සඳහා රුපියල් මිලියන 5000 ක් වැයවන අතර දකුණු කොරියාව විසින් මැතිවරණය පැවැත්වු ආකාරයට කටයුතු කරමින් පවතින වසංගත තත්ත්වයට නිසි පිළියම් යොදමින් මැතිවරණය පැවැත්වීමට කටයුතු කළහොත් මිලියන 10000 ක් පමණ වැයවන බවත් සඳහන් කර ඇති බවයි. එම නිසා මෙතරම් මුදලක් වැයකර ඡන්දයක් පවත්වනු ලබන්නේ කුමක් නිසාදැයි ආණ්ඩුවෙන් විමසන බව සඳහන් කළ රාජිත සේනාරත්න මහතා, මෙම අනවශ්‍ය වියදම් ඉවත් කර කොරෝනා වසංගතයෙන් ජනතාව බේරාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට