අනුරාධපුර ලංගම ඩිපෝව තාවකාලිකව වසා දමයි..
ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝව වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ. කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට හදුනා ගන්නා ලද නාවික හමුදා සාමාජිකයාගේ අසල්වාසියෙකු අනුරාධපුර ලංගම ඩිපෝවේ සේවය කිරීම නිසා මෙසේ එම ඩිපෝව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.