සත්‍යයේ පුවත් අඩහැරය….

මාර්තු 17 වනදා රටම ලොක්ඩවුන් කළේනම් කොරෝනා මෙරටට එන්නේ නෑ – එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්

Podu Jana Peramunaපැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කටයුතු කළහොත් ඒ සඳහා විශාල මුදලක් වැය වන බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද පාර්ලිමේන්තුව කැඳවීමේදී මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන දීමනා හෝ වරප්‍රසාද කිසිවක් ලබාදීමට අවශ්‍ය නොවන බව ඊයේ (28) දින සමඟි ජනබලවේගය අවධාරණය කර සිටියි.සමඟි ජනබලවේගය විසින් ඊයේ (28) පවත්වන ලද මාධ්‍ය හමුවකදී එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහත විසින් මෙම අදහස් පළකරන ලදී. මෙම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරන් මහතා ද සහභාගි විය. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් තුෂාර ඉදුනිල් මහතා අවධාරණය කළේ රට තුළ වසංගත රෝග තත්ත්වයක් උද්ගත වුවහොත් නවීණ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මැතිවරණයක් පැවැත්විය හැකි යැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් සඳහන් කර ඇති බවයි.

පසුගිය මාර්තු 17 දින කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟ රට lockdown කළයුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා විසින් සඳහන් කළ ද ජනාධිපතිවරයා විසින් ඊට පිළිතුරු ලෙස කොරෝනා රෝගීන් 28 ක් වාර්තා වූ පමණින් රටක් lockdown කිරීමේ හැකියාවක් නොමැති බවට සඳහන් කිරීම හේතුවෙන් මේ වනවිට රටම දැවැන්ත ව්‍යවසකාරී තත්ත්වයකට පත්වූ බව තුෂාර ඉදුනිල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට