සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැතිවරණයක් පැවැත්වීමේ උත්සහයෙන් ආණ්ඩුවේ බලලෝභීත්වය, ජනතාවගේ පැවැත්ම අභිබවා යන බව පෙනීයනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා

Podu Jana Peramunaවිපක්‍ෂය ලෙස වගකීමක් ඇතිව රජයට අවශ්‍ය සහය ලබාදීමට අප සූදානම් බවත් ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර පාර්ලිමේන්තුව නොකැඳවා ඇතිව තිබෙන තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. සමගි ජන බලවේගය විසින් අද (30) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පහත පරිදි සිය අදහස් පළකළේය.

රට තුළ ඇතිවී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි විපක්ෂයේ පක්ෂ ගණනාවක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මාස තුනක කාලයක් සඳහා රාජ්‍ය වියදම් වෙනුවෙන් මුදල් ලබාගැනීමට ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙන බව රජයේ අමාත්‍යවරයෙකු විසින් පවසා තිබුනා. එම අමාත්‍යවරයා හදිසි නීතිය සහ හදිසි අවස්ථාව පටලවාගෙන සිටින්නේ.

අභිනව පාර්ලිමේන්තුව රැස්වන දිනය කවදාදැයි අපි විමසා සිටිනවා. එවැනි දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්ව නැති නිසා ජනාධිපතිවරයාට ඉහත ආකාරයට රාජ්‍ය වියදම් සඳහා මුදල් වෙන්කිරීමේ හැකියාවක් නෑ. ඒ අනුව දිනයක් හෝ දෙකක් එහා මෙහා වී හෝ අප්‍රයෙල් 30 වන දිනට පෙර පාර්ලිමේන්තුව කැඳවා අවශ්‍ය මුදල් වෙන්කිරීමක් සිදුනොකළහොත් කොරෝනා නොවෙයි, ආණ්ඩුවත් ලොක්ඩවුන් වේවි. ඇමෙරිකාව තුළ ද වසරකට පමණ පෙර මෙවැනි තත්ත්වයක් ඇතිවුනා.

ව්‍යවස්ථාව උල්ලංඝණය කරගනිමින් සහ පටලවා ගනිමින් ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කරනවා නම් වත්මන් ජනාධිපතිවරයා ද මුරණ්ඩු ලෙස, ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් අවලංගු කාසියක් වේවි. සිය ජනවරම ආරම්භ කළ සැණින් වත්මන් ජනාධිපතිවරයා අවලංගු කාසියක් වනු දැකීමට අපේ කැමැත්තක් නෑ. කොරෝනා වෛරසය ආසාදනයවූ චීන කාන්තාවක් මෙරටදී හමුවුනු පසුගිය ජනවාරි මාසයේදීම ගුවන්තොටුපළවල් වසා දමන්නැයි අපි පැවසුවා. ආණ්ඩුව එය පිළිගත්තේ නෑ. නිසි පිළියම් යෙදූ රටවල් කිහිපයක අද වනවිට එකදු කොරෝනා ආසාදිතයෙකු හෝ වාර්තා වී නෑ.

රට තුළ මෙවැනි තත්ත්වයක් ඇතිකිරීම පිළිබඳ රජය ජනතාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතුයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදවා ගැනීමට නම් අවශ්‍ය පරීක්ෂණ සිදුකිරීම ඉතා වැදගත් නමුත් ඒ අවශ්‍ය පරීක්ෂණ ප්‍රමාණය සිදුනොවන බවත් පළාත් 09 සඳහා මෙම පරීක්ෂණ සිදුකිරීමට මධ්‍යස්ථාන 09 ක් ඇතිකරන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සමයේ එවක විපක්‍ෂය හැසිරුනු ආකාරයට අප කටයුතු කරන්නේ නෑ. කොරෝනා පැතිරෙමින් තිබියදී නාම යෝජනා කැඳවීමට කටයුතු කළ ආණ්ඩුව මේ වනවිට මැතිවරණයක් පැවැත්වීමට උත්සහකරමින් සිටිනවා. ඒ අනුව මැතිවරණයේදී ජන ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් අදාළ පුද්ගලයින්ට නීතිය යටතේ දඬුවම් ලබාදිය යුතුයි.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා ද පහත පරිදි අදහස් පළකළේය.

ජනතාව රවටමින් කටයුතු කරන දේශපාලඥයින්ට කොරෝනා වෛරසය රැවටීමට නොහැකිව තිබෙනවා. මෙම ව්‍යසනකාරී තත්ත්වය ආරම්භයේ සිටම එය මැඩපැවැත්වීමට නිවැරදි තීරණ නොගත් රටේ පාලකයා, කොරෝනා වෛරසය විහිළුවක් ලෙස සිතා කටයුතු කළා. කොරෝනා වෛරසය, ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වමින් කටයුතු කිරීම තුළින් ජනාධිපතිවරයා එම වෛරසය පිළිබඳව මෙන්ම ත්‍රස්තවාදය පිළිබඳව ද නිවැරදිව තේරුම් ගෙන නැති බව පෙනීයනවා.

මෙම ව්‍යසනය පිළිබඳව ජනාධිපතිවරයා දුරදිග බලා කටයුතු කළේ නෑ. ශ්‍රී ලංකාවෙන් වාර්තා වු අවසන් කොරෝනා ආසාදිතයින් 200 දෙනා ඉතා සීඝ්‍රයෙන් වාර්තා වූනා. ඒ අනුව මෙම තත්ත්වය ඉතා බරපතල බව අවධාරණය කරනවා.

වියත් මඟ සංවිධානය වැනි පාලකයින්ට කඩේ යමින් සිටින විවිධ කණ්ඩායම් විසින් ලබාදෙන උපදෙස් පමණක් පිළිගනිමින් ආණ්ඩුව කටයුතු කිරීම කණගාටුදායකයි. මැතිවරණයක් පවත්වා තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ වුවමනාවෙන් කටයුතු කරන වත්මන් ආණ්ඩුවට මෙම ව්‍යසනයෙන් ජනතාව බේරාගැනීමේ වුවමනාවක් නෑ.

සිය ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය ජනතාවට තේරුම් යාමට පෙර මැතිවරණයක් පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වුවත් පවතින ව්‍යසනකාරි තත්ත්වය හේතුවෙන් විපක්ෂය ලෙස අපට මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නෑ. නමුත් අපි මැතිවරණවලට කිසිදු බියක් දක්වන්නේ නෑ. අප කණ්ඩායම විපක්ෂයට පැමිණියේ සිය කැමැත්තෙන්. ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ ශක්තිය තිබියදීත් එසේ විපක්ෂයට පැමිණීම තමන් මේ වනතුරුත් පිළිගන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ නායකයාට සෘජුව කටයුතු කිරීමට කොන්දක් නොමැති නිසයි අනවශ්‍ය අවස්ථාවක අපි විපක්ෂයට පැමිණියේ. විපක්ෂය වශයෙන් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් අපිට දැඩිව පවතිනවා. මැතිවරණයක් පැවැත්වීමට රට තුළ සුදුසු වාතාවරණයක් පවතින බව පෙන්වීම සඳහා පාසැල් සහ විශ්වවිද්‍යාල යළි ආරම්භ කරන බව ආණ්ඩුව මීට සති කිහිපයකට ඉහතදී පැවසුවා. මෙවැනි තත්ත්වයකදී පවා මැතිවරණයක් පැවැත්වීමට තරම් ආණ්ඩුව ආත්මාර්ථකාමී වෙලා. මෙවැනි ආණ්ඩුවකට රටේ පාලනය ලබාදීම කිසිසේත් සුදුසු වන්නේ නෑ.

ආණ්ඩුවේ බලලෝභීත්වය, ජනතාවගේ පැවැත්ම අභිබවා යමින් තිබෙනවා. ජනතාවට සහන ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථකයි. මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින පුද්ගලයෙකු වත්මන් ජනාධිපතිවරයා ලෙස බලයට පත්ව තිබෙනවා. සුනාමි ව්‍යසනයේදී මෙරටට ලැබූ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවට එවකට අගවිනිසුරුවරයා ප්‍රසිද්ධියේ පැවසුවා. එවැනි ඉතිහාසයක් ඇති පිරිසකට මේ ආකාරයට විශාල මුදල් ප්‍රමාණයක් ලැබුනහොත් එය සොරකම් නොකරනු ඇතැයි කියා යමෙක් සිතන්නේ නම් එම පුද්ගලයා අංක එකේ මෝඩයෙක්.

ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන ක්‍රමවේදය ප්‍රායෝගික නෑ. ජාතික හැඳුනුම්පතෙහි අවසන් අංකය අනුව ජනතාවට නිවසින් බැහැරවීමට අවසර ලබාදීම මෙන්ම පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකියි. අධ්‍යයනයකින් තොරව මෙවැනි තීන්දු තීරණ ක්‍රියාත්මක වන ආකාරයක් පේනවා. මෙම තත්ත්වය හමුවේ රට දැඩි අවදානමක පවතිනවා. ජනතාව විසින් එය තේරුම්ගෙන ඇතත් රජයට එවැනි අවබෝධයක් මෙතෙක් ඇතිව නැහැ.

රට මෙම ව්‍යසනයෙන් මුදාගැනීම සඳහා කැපවීම් රාශියක් සිදුකරන පිරිසක් සිටිය ද එහි ගෞරවය තමන් වෙත ලබාගැනීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවා. එම පිරිසට මේ ආකාරයෙන් සැලකීම ජාතික අපරාධයක් මෙන්ම නිර්ලජ්ජිත ක්‍රියාවක්. හමුදා සාමාජිකයින්ට මෙම රෝග තත්ත්වය වැළඳීම ඉතා කණගාටුදායක තත්ත්වයක්.

ආරක්ෂක අංශ සාමාජිකයින් රාජකාරිය පමණක් ගැන සිතා කටයුතු කළද රණවිරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් පියවර ගැනීම ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම. නමුත් එවැනි ක්‍රියාමර්ග දියත් කිරීමට එම බලධාරීන් කටයුතු කළේ නෑ. ඒ අනුව වත්මන් ආරක්ෂක ලේකම්වරයා පාලකයින් වෙනුවෙන් පෙනීසිටීම විනා රණවිරුවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුනොකර වගකීමෙන් බැහැරව කටයුතු කරමින් සිටින්නේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතුයි. ව්‍යවස්ථාදායකය අමතක කර එවැනි තත්ත්වයන් හෑල්ලුවට ලක්කර රට පාලනය කිරීමේ කිසිදු හැකියාවක් ජනාධිපතිවරයාට නෑ. එය සාධාරණීකරනය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන නමුත් ජනතාව විසින් එය කිසිදු විටෙක අනුමත කරන්නේ නෑ. වියත් මඟ සංවිධානය ද රටත් ජනතාවත් පිළිබඳ සිතා කටයුතු කරන ආකාරයක් පෙනෙන්නේ නෑ. එහි සාමාජිකයින් වියතුන් යැයි පවසා ගනිමින් රටපුරා ගියත් රට වෙනුවෙන් නිසි අදහසක් පළකිරීමට පවා නොහැකිව සිටින පිරිසක් ලෙස හැඳින්විය හැකියි.

ආරක්ෂාව සඳහා යැයි පවසමින් පාර්ලිමේන්තුව වටා යුද හමුදාව යොදවා තිබෙනවා. හමුදාව යොදාගත යුත්තේ අවශ්‍යතාවය මත පමණයි. හමුදාවට නියෝග ලබාදීම විනා වත්මන් පාලකයාට වෙනත් කිසිවක් සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නෑ. රජයේ ආයතනයන්හි විවිධ තනතුරු සඳහා හමුදාවේ විශ්‍රාමිකයින් පත්කිරීම ද අනුමත කළ නොහැකියි. රාජපක්ෂවරුන් තමන්ට ද ලේකම් තනතුරු ලබාදීමට උත්සහ කළා. නමුත් මම එය ප්‍රතික්‍ෂේප කළා. පොලිස් රාජකාරී සඳහා හමුදාව යෙදවීමෙන් අතීතයේ මෙරට තුළ ඇතිවූ ගැටළුකාරී මෙන්ම අවාසනාවන්ත තත්ත්වයන් අප සැමගේ මතකයේ පවතිනවා. එම සිදුවීම් තුළින් රණවිරුවන් අපහසුතාවයට සහ අපකීර්තියට පත්වුනා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට