සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ තත්ත්වය හමුවේ ජීවත්වීමේ අරගලයක සිටින වැඩකරන ජනතාව සුරක්‍ෂිත කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaලොවපුරා උද්ගතව තිබෙන දැවැන්ත අර්බුදකාරී තත්ත්වය හමුවේ දස දහස් ගණනක් වූ මෙරට වැඩකරන ජනතාවගේ රැකියා සුරක්‍ෂිතභාවය පිළිබඳ බරපතල ව්‍යාකූල තත්ත්වයක් සහ ජීවත්වීමේ අරගලකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. මැයි දිනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර තිබෙන අතර එහි තවදුරටත් පහත පරිදි කරුණු දක්වා තිබේ.

රට තුළ මෙන්ම ලොව තුළ ද ඇතිව තිබෙන මෙම ව්‍යසනකාරී තත්ත්වය හමුවේ ජීවත්වීමේ දැවැන්ත අරගලයකට ලක්ව සිටින රටේ වැඩකරන ජනතාවගේ ජිවිත සුරක්‍ෂිත කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීම වේ. එය ආණ්ඩුව විසින් පැහැර නොහැරිය යුතු කාර්යයකි. දේශපාලණිකරනයෙන් තොරව එම කටයුත්ත සිදුකරන්නැයි අප ආණ්ඩුවට බලකර සිටිමු. මෙම වසංගත තත්ත්වය හමුවේ රට ආර්ථික මෙන්ම රැකියාවන්ගෙන් ද දැවැන්ත අර්බුද රැසකට මුහුණදෙනු ඇත. ඒ අනුව වැඩකරන ජනතාව දැවැන්ත පීඩාවකට පත්ව සිටින මේ මොහොතේ මෙවර මැයි දිනය වඩාත් තීරණාත්මක බව පැවසිය යුතුය. එමෙන්ම කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ ඉන් රට මුදවාගැනීමට කටයුතු කරමින් සිටින පිරිස්වෙත අපගේ උත්තමාචාරය ද පුදකර සිටිමු.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට