සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුවට අවශ්‍ය මහ මැතිවරණය පැවැත්වීමේ වුවමනාව පමණයි – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaකොරෝනා වෛරසය පිළිබඳව අවධානය යොමුකරනවාට වඩා වත්මන් ආණ්ඩුවට අවශ්‍යව තිබුණේ මහ මැතිවරණය පැවැත්වීම බැවින් වෛරසය මර්දනය කිරීමට රජයේ නිසි දායකත්වය නොලැබුනු බව සමඟි ජන බලවේගය අවධාරණය කරයි. ඊයේ (07) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුජිත් සංජය පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකළේය. එහිදී ඒ මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී. රජයක් වශයෙන් මෙම වසංගතය මෙරට තුළ
ව්‍යාප්තවීමට පෙර යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා නම් මෙම තත්ත්වය පාලනය කරගැනීමට හැකියාව තිබුනා. කොරෝනා වෛරසය මෙරටට පැමිණිමෙන් පසුව එහි පවතින භයානක තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් නොකර සැහැල්ලුවෙන් කටයුතු කළා මේ ආණ්ඩුව. සෞඛ්‍ය සහ ආරක්‍ෂක අංශයන්ට සම්බන්ධ පිරිස් මේ වනවිට මෙම වෛරසයෙන් සිය ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා සුදුසු ආරක්‍ෂිත උපකරණ නොමැති බවට චෝදනා කරනවා. නාවික හමුදා සාමාජිකයින්ටත් සිය රාජකාරි සිදුකිරිමේ දී නිසි ආරක්ෂිසත උපකරණ ලබා නොදීම නිසා අද වනවිට වෛරසයට ආසාදිත වී ඇති වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින් බවට පත්වෙලා. අද වන විටත් කොරෝනා වෛරසයට ගොදුරුවන පිරිසේ වැඩිවීමක් සිදුවන්නේ. නමුත් ආණ්ඩුව සෑම මොහොතකම උත්සාහ කරන්නේ කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමටයි. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රිවරුන් අහනවා ජනතාවට සතොස පෝලිම් වල ඉන්න හැකිනම් ඡන්ද පෝලිම්වල සිටිමටත් හැකි නේද කියා? මෙම ප්‍රකාශ ගැන අපි දැඩිව කණගාටු වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව තුළදී ආණ්ඩුවට අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදීමට අපි කටයුතු කරනවා. නමුත් ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන්නේ නෑ. ආණ්ඩුව මේ කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම නිසා පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 ක දීමනාවක් පමණක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළා. එම දීමනාව ලබාදීමේදීත් ගැටළු රාශීයක් උද්ගත වෙලා. මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ද පහත පරිදි සිය අදහස් මාධ්‍ය වෙතා පවසා සිටියාය. කොරෝනා වෛරස නිසා රට අරාජිත තත්ත්වයට පත්ව මේ වන විට දින 50 ට අධික කාලයක් ගතව අවසන්. ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ජනතාවගේ සනීපාරක්ෂාව ද ඒ තුළ පවතින බව රජය අවබෝධ කරගතයුතුව තිබෙනවා. යම් යම් වැරදි තීන්දු තිරණ ගැනිම නිසා වෙනත් රටවල් වල නායකයින් ඉල්ලා අස්වීමට කටයුතු කළත් මේ දක්වා දිගින් දිගටම වැරදි තින්දු තීරණගත් මෙරට සෞඛ්‍ය අමාත්‍යවරිය එම තනතුරින් ඉල්ලා අස්වීමට කටයුතු කරලා නෑ මේ තාක්. ආණ්ඩුව රටේ ජනතාවගේ ජිවිත අවතක්සේරු කරමින් තින්දු තීරණ ගනිමින් සිටිනවා.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට