සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය නිලධාරීන්ගෙන් මැයි මස වැටුප ඉල්ලීම අසාධාරණයි, ආචාර්ය හර්ෂද සිල්වා…

Podu Jana Peramunaරට තුල පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ගොඩනගා ගැනීම සදහා මුදල් අමාත්‍යංශයේ ලේකම් පි.බී. ජයසුන්දර මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල මාධ්‍ය හරහා පුද්ගලික ආයාචනයක් යනුවෙන් සඳහන් කර රාජ්‍ය සේවකයින්ට ඔවුන්ගේ මැයි මස වැටුපෙන් අඩක් හෝ යම්කිසි ප්‍රමාණයක් රජයට ලබාදෙන මෙන් ඉල්ලීමක් කර ලිපියක් යොමුකර ඇති බවත් එය කොතෙක් දුරකට සාදාරණද යන්න ඊයේ (09) දින සමඟි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දක්වන ලදි. කෙසේ වෙතත් මේ වනවිට සමහර පිරිස් විසින් මෙම කොරෝනා තත්ත්වය හේතුවෙන් පීඩා විදින ජනතාවගේ සුභසිද්ධිය සදහා සිය මාසික වැටුප ලබාදීමට කටයුතු කර ඇති බවත් පුද්ගලික කාරණාවක් නම් එය පුද්ගලිකව ඉල්ලා සිටීම ඉතා වැදගත් කොට සලකන බව එම මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා සදහන් කරන ලදි. රට තුල පවතින තත්ත්වයේදී මූලිකත්වය දැරීමේදී රාජ්‍ය අංශය පුරෝගාමීව කටයුතු කල බවත් පුද්ගලික අංශ පසුගාමීව කටයුතු කල බවත් සදහන් කරමින් පුද්ගලික අංශ හැල්ලුවට ලක් කිරීමට පි.බී. ජයසුන්දර මහතා විසින් කටයුතු කර ඇති බවට එහදි චෝදනා කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට