සත්‍යයේ පුවත් අඩහැරය….

රාජපක්ෂ පාලනයේ පාපය වැඩකරන ජනතාවගේ හිස මත තැබීමට සමඟි ජන බලවේගය කිසිදු ලෙසකින් ඉඩක් තබන්නේ නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක

Podu Jana Peramunaමෙරට ආර්ථිකය ගොඩනඟන බවට පසුගිය ජනාධිපතිවරණයට පෙර විවිධ පම්පෝරි ප්‍රකාශ නිකුත් කළ වත්මන් ආණ්ඩුව, රාජ්‍ය සේවක වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියි. අද (11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප හෝ වැටුපෙන් කොටසක් කොරෝනා වසංගතයෙන් සහන සැලසීමේ අරමුදල සඳහා ලබාදෙන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඉල්ලීමක් කර තිබෙනවා. පසුගිය යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමුවා. නමුත් එම වැටුප් වැඩිවීම කප්පාදු කිරීමට ගෝඨාභය රාජපක්ෂඩ මහතාගේ ආණ්ඩුව කටයුතු කළා. මෙරට පාලනයේ සිටි සියළු ආණ්ඩු ණය ලබාගත්තා. නමුත් රාජපක්ෂව පාලනය, සහනදායී ණය වෙනුවට වානිජමය ණය සහ විදේශීය වශයෙන් අධික පොලියට ණය ලබාගත්තා.

යහපාලන ආණ්ඩුව ලබාගත් ණය වලින් 70% ක් වැයකළේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලබාගත් ණය ගෙවීමට. රට තුළ මේ වනවිට ඇතිව තිබෙන ආර්ථික සහ ණය අර්බුදයට රාජපක්ෂවරුන් හැරුනු විට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ එවක රාජපක්ෂ පාලනයේ ආර්ථිකය මෙහෙයවූ ප්‍රධානියා වන වත්මන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුරන්දර මහතා වැනි පිරිස්. ධන කුවේරයන්ට 2019.12.01 සිට බදු සහන ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂක සහ පී.බී. ජයසුන්දර යන මහත්වරුන් විසින් තීරණය කිරීමත් රට තුළ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට තවත් හේතුවක්.

විවිධ හේතු නිසා නිසි ඉලක්කයට ළඟාවීමට නොහැකි වූ නමුත් යහපාලන ආණ්ඩුව 2015 සහ 2020 කාලය අතර රාජ්‍ය ආදායම දෙගුණයකට ආසන්න ප්‍රමාණයකට පත්කළ නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වූ සැණින් ව්‍යාපාරිකයින්ට බදු සහන ලබාදීම නිසා එම රාජ්‍ය ආදායම 30% කින් පමණ පහළ ගියා. සිය පවුලේ සෞභාග්‍ය විවෘත වන කටයුතු විනා රටට හිතැති කටයුතු කරන්න රාජපක්‍ෂවරුන උත්සහ කරන්නේ නෑ.

ආණ්ඩුවට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 95 දෙනෙකු අද වනවිට සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් සිටිනවා. ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් ලබාගනිමින් රටේ ආර්ථිකය දැවැන්ත පරිවර්තනයකට ලක්කර නව පාලනයක් ගොඩනංවන බව පවසමින් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂර මහතා, ආර්ථිකය ගොඩනැංවීමට උපදෙස් ලබාගන්නේ 2010 සහ 2015 යන කාලය තුළ රටේ සිටි සුදු කරපටි අපරාධකරුවන් හා ආර්ථික ඝාතකයින් ලෙස සැලකිය හැකි පිරිසගෙන්. අද වනවිට රටේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධානියා බැසිල් රාජපක්ෂ මහතා වන අතර එහි ප්‍රධාන නිලධාරීන් ලෙස පී.බී. ජයසුන්දර සහ අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් හැඳින්විය හැකියි. කොරෝනා මර්දන අරමුදලට රාජ්‍ය සේවක වැටුප පරිත්‍යාග කරන්නැයි කරන ලද ඉල්ලීම පී.බී. ජයසුන්දර මහතාගේ පුද්ගලික ඉල්ලීමක් නොව පැහැදිලිවම රාජපක්ෂ පවුලේ ආර්ථික න්‍යායක්.

කිසිදු ජාතික භෞතික සැලසුමකින් සහ ශක්‍යතා අධ්‍යයනයකින් තොරව දැවැන්ත ප්‍රාග්ධන ව්‍යාපෘති සිදුකිරීමට මහින්ද රාජපක්ෂ පාලනය තුළ කටයුතු කළ බවත් අද වනවිට රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ මෙවැනි ක්‍රියාවන්වල ප්‍රතිඵල හේතුවෙන්. මහින්ද රාජපක්ෂ පාලනය තුළ මාර්ග ඉදිකිරීමට දැවැන්ත මුදලක් වැයකර ඇති නමුත් එම මුදල් සම්පුර්ණ වශයෙන්ම මාර්ග ඉදිකිරීමට යොදා නොමැති බවට තොරතුරු අනාවරණය වනවා. එසේ මංකොල්ල කන ලද මුදල මාස 06 ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට ප්‍රමාණවත්. රාජපක්ෂ පාලනයේ පාපය වැඩකරන ජනතාවගේ හිස මත තැබීමට සමඟි ජන බලවේගය කිසිදු ලෙසකින් ඉඩක් තබන්නේ නෑ.

රට දැවැන්ත ආර්ථික අර්බුදයක් කරා ඇදදමන ලද පිරිසක් ලෙස පී.බී. ජයසුන්දර මහතා සහ රාජපක්ෂ පවුල පෙන්වා දියහැකියි. ජනතාවගෙන් සහ රටෙන් ණය සඟවන අකාරය පෙන්වාදුන්නේ පී.බී. ජයසුන්දර මහතායි. රාජ්‍ය ආයතන කිහිපයක් මහජන බැංකුව සහ ලංකා බැංකුවේ ගැටගසා එම බැංකු දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්කිරීමට එවකට පාලකයින් කටයුතු කළා. මාධ්‍ය සංදර්ශන ඔස්සේ ජනතා හිතැති රටක් නිර්මාණය කර ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සහ කරනවා. මාස 02 ක් රට වසා දැමූ පසු කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය දස ගුණයකින් වැඩිවූ පළමු ශ්‍රී ලංකාවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී නාමයෝජනා භාරදෙන විටත් ජනාධිපතිවරයා ලෙස පත්වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවයෙන් විධිමත්ව මෙන්ම නිශ්චිතවම ඉවත්ව නොසිටි බව ඒ මහතා ඇමෙරිකානු පුරවැසිභාවයෙන් මේ වනවිට ඉවත්ව ඇතැයි ඇමෙරිකාව විසින් පසුගිය දිනෙක ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළින් මනාව පැහැදිලි වනවා. ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වීම යනු විශාල ක්‍රියාවලියක්. තමන් ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර 2019 අප්‍රියෙල් මාසයේදී ලිපියක් යැවූ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූව ද එවැනි ලිපියක් යැවූ පමණින් එම පුරවැසිභාවය ඉවත්වන්නේ නෑ. ඒ අනුව රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවංකභාවය සම්බන්ධයෙන් ද යම් ගැටළුවක් මතුවනවා.

ඇමෙරිකානු පුරවැසිභාවයෙන් තමන් ඉවත්වූ බවට වන සහතිකය තමා සන්තකයේ තිබෙන බව පවසමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හරහා රටේ ජනතාව රැවටීමටත් ජනතාවට වංචා කිරීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර අවසන්. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග දියත්කරනවා. පසුගිය ජනාධිපතිවරණයේදී අප පැවසූ කරුණු ඉහත ගැසට් නිවේදනය හරහා සත්‍ය වී තිබෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක විශ්‍රාමික මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන මහතා ද එක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට