සත්‍යයේ පුවත් අඩහැරය….

ඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් ..

Podu Jana Peramunaඇඳිරි නීතිය තිබියදී ආරම්භ කළ රාජ්‍ය ආයතනවල කටයුතු මෙම සතිය අවසානය තෙක් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. මෙම කාලසීමාවේදී ජනතාව හැසිරෙන ආකාරය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ආයතන මට්ටමින් ඉදිරි පියවර ගන්නා බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි. කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වැනිදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවු ඇඳිරි නීතිය කළුතර , පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23කට ඊයේ ලිහිල් කළ අතර ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජනජිවිත යථා තත්ත්වයට පත්කිරිම ද ඊයේ සිට ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවකයින්ට මෙලෙස ඇඳිරි නිතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණිමට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වු අතර ඇතැම් සේවකයින් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණිම දක්යේනට ලදී. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවකයින් කලින් වෙන්කර ගත් පරිදි මහනුවර, අවිස්සාවේල්ල, මහව, හලාවත සහ බෙලිඅත්තේ සිට කාර්යාලයීය දුම්රිය 10ක් අදත් උදෑසන කොළඹට පැමිණිමට නියමිතය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට