සත්‍යයේ පුවත් අඩහැරය….

ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී ජනතා දායකත්වය සතුටුදායක නෑ – අජිත් රෝහණ ..

Podu Jana Peramunaජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ දී ජනතා දායකත්වය සතුටුදායක නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.ඒ මහතා සඳහන් කරන්ළේනේ  ජනතාව කෙතරම් දැනුම්වත් තිබුණ ද ඊයේ දිනයේදී ඔවුන්ගේ හැසිරීම සතුටුදායක නොවන බවයි. ඇතැම් අවස්ථාවල කිසිදු ආකාරයක නිරෝධායන නීතියකට ගරු නොකරමින් ඇතැම් ස්ථානවල පිරිස් හැසිරෙන ආකාරය දැකගත හැකි වු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසයි.  සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නොවන බවත් රථ වාහන ධාවනය පිළිබඳවද ඊයේ දිනයේ දී ගැටලු මතුවු බවත් අජිත් රෝහණ මහතා පවසයි. අද දිනයේ මෙම තත්ත්වය පිළිබඳ දැඩිව කටයුතු කිරීමට සිදුවන බවත් ඒ මහතා පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට