සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන පළිගැනීම් සිදුකරමින් සිටින ආණ්ඩුව රට මිලිටරිකරණයට ලක්කරමින් සිටිනවා – හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ

Podu Jana Peramunaහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම, ඉදිරි මැතිවරණයේදී සිය පරාජය වීම වළක්වා ගැනීමේ අරමුණින් ආණ්ඩුව දියත් කරන ලද දේශපාලන පළිගැනීමක් ලෙස හැඳින්විය හැකි බව හිටපු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අබේසිංහ මහතා මෙම අදහස් පළකළේය.

මෙහිදී අශෝක් අබේසිංහ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකළේය.

ඉදිරි මැතිවරණයේදී තමන් පරාජය වන බව ආණ්ඩුව මේ වනවිට හොඳින්ම දන්නා නිසයි මෙවැනි වසංගත තත්ත්වයක් රට තුළ උද්ගතව තිබියදී පවා රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේ. මෙය තරයේ හෙළාදකිනවා. මීට පෙර පාඨලී චම්පික රණවක මහතාවත් මේ ආකාරයට අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුවේ පිරිස් කටයුතු කළා.

සුදු වෑන් සංස්කෘතිය පිළිබඳ රටේ සියළුදෙනාම හොඳින් දන්නවා. මීට පෙරත් මැතිවරණ කාලයන් වලදී මාධ්‍යහමු පවත්වා විවිධ මාතෘකා පිළිබඳ අදහස් පළකළත් කිසිවෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගත්තේ නෑ. ආණ්ඩුවට එරෙහි පිරිස් සහ ආණ්ඩුවට පක්‍ෂ පිරිස් සම්බන්ධයෙන් දෙයාකාරයකට කටයුතු කරන්නේ ඇයිද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා. මිග් ගනුදෙනුව සහ ශ්‍රි ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදීගැනීම වැනි ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ඇප ලබා අද නිදැල්ලේ සිටින්නේ.

රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගන්නැයි පසුගිය දිනෙක නීතිපතිවරයා විසින් මෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ද නියෝග කර තිබුනා. පසුව රවී කරුණානායක මහතා අභියාචණාධිකරණය හමුවට ඉදිරිපත්වුනා. ඒ අනුව මේ වනවිටත් රවී කරුණානායක මහතා නිදැල්ලේ පසුවනවා. කොරෝනා වසංගතය මැඩපැවැත්වීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා ලෙස බැසිල් රාජපක්ෂ මහතා පත්කිරීම නිවැරදියි කියලා පසුගිය දිනෙක පැවසූ රවී කරුණානායක මහතා වත්මන් ආණ්ඩුවට යම් යම් සහයන් ලබාදීම නිසා ඔහුව අත්අඩංගුවට ගත්තේ නෑ.

කොරෝනා වසංගත තත්ත්වය රටේ නාවික හමුදා කඳවුරු ආශ්‍රිතව පමණක් බවතින බව රටට පෙන්වා දීමට ආණ්ඩුව උත්සහ කරනවා. වෙසක් සතිය තුළ බෞද්ධ සිද්ධස්ථාන වසා සුරාසැල් විවෘත කිරීමට තරම් තිබෙන අවශ්‍යතාවය කුමක්දැයි මෙන්ම බෞද්ධකම සම්බන්ධයෙන් අදහස් පළකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙයදැයි විමසනවා.

රුපියල් 5000/= දීමනාව මැතිවරණය ආසන්නවූ විට වාසි ලබාගැනීම පිණිස ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරාවි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස හමුදා නිලධාරියෙකු පත්කිරීමට ආණ්ඩුව කටයුතු කළේ ඉදිරි මැතිවරණය පැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලබාගැනීමේ අරමුණින් දැයි යන සැකය මතුවනවා.

ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ කිහිපයකම ලේකම්වරුන් මෙන්ම රටේ ඇතැම් ආයතනයන්හි ප්‍රධානීන් ලෙස හමුදා නිලධාරීන් පත්කරලා. ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් රට හමුදාකරණයට ලක්වෙමින් පවතිනවා. හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු වුවත් එය මාරයාගේ මැතිවරණයක් නොවිය යුතුයි. ඉදිරි මැතිවරණයේදී සමඟි ජන බලවේගය, ආණ්ඩුවට අභියෝගයක්ව පවතින අතර අවුරුදු හැත්තෑ පහක් වයසැති පුද්ගලයෙකු රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනවාද යන්න රටේ ජනතාව තුළ මේ වනවිට ගැටළුවක් මතුවෙලා.

විවිධ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද පවරා තිබෙන නඩු, ඒ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු අවසන් වුනා. පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේදී එම ආණ්ඩුවේ පිරිස් සහ ඊට පෙර පැවති ආණ්ඩුවේ පිරිස් අතර ඩීල් දේශපාලනයක් පැවති බව පැවසීමට තමන් බියවන්නේ නෑ. පැවති අපේ ආණ්ඩුව පරාජය වීමටත් එය හේතුවක් වුනා. එම තත්ත්වය සම්බන්ධයෙන් අප ලැජ්ජාවට පත්වනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගි වූ ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරංද වැලිඅංගේ මහතා ද මෙහිදී අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට