සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටිනවා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaසිය අසාර්ථක භාවය රටේ ජනතාව විසින් තේරුම්ගෙන ඇති තත්ත්වයකදී විපක්ෂය නිහඬ කරවා කොරෝනා වසංගතය, වසන්තයක් බවට පත්කර ගනිමින් මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹ, සමඟි ජන බලවේගය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මනූෂ නානායක්කාර මහතා විසිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් පළකරන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇප ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් ඉදිරිපත් කර රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිග් යානා සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීම ආදි ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඇප ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කළේ දැයි විමසා සිටීමට සිදුවනවා අපිට. මෙය දේශපාලන දඩයමක්. මංගල සමරවීර මහතාටත් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දන්වා තිබෙනවා.

අත්අඩංගුවට පත්වූ පසු රෝහල් ගතවේයැයි කළුතර ප්‍රදේශයේ ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙකු පැවසුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වුනේ නෑ. ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැන්වූ විට නයෙකු සපාකෑවේ යැයි පවසා සිටි පිරිස් තමයි අද මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ.

විවිධ හේතු ඉදිරිපත් කර තමන්ට එරෙහි නඩු මඟහැරීමට මෙන්ම නඩු කල්දමාගැනීමට වත්මන් ආණ්ඩුවේ පිරිස් පසුගිය කාලයේදී කටයුතු කළා. පසුගිය ආණ්ඩුවෙන් ද ඊට යම් සහයක් ලැබුනා. නිවැරදිව නඩු විභාග කළේනම් අද වනවිට සිරගතව සිටිය යුතු පිරිස් මේ වනවිට ජනාධිපති තනතුරට පත්ව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වයක් රට තුළ පවතින තත්ත්වයකදී මැතිවරණය ප්‍රකාශයට පත්කරලා. නමුත් අමාත්‍යංශ කිහිපයක් සඳහා නව ලේකම්වරුන් පත්කරලා. එය මැතිවරණ නීතියට පටහැනියි. සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛය අංශයේ අනුමැතිය ලබාගැනීමේ අරමුණින්. රට තුළ දක්ෂ පරිපාලන නිලධාරීන් සිටියදී මෙවැනි පත්කිරීම් සිදුකිරීමෙන් මිලිටරිකරණයක් සිදුවනවා.

රුපියල් 5000/= දීමනාව දේශපාලනීකරණය වී අවසන්. දෙවන වරට එම දීමනාව ලබාදෙන්නේ මැතිවරණය ආසන්න වූ විට පමණයි. එය දේශපාලන අල්ලසක්. රාජ්‍ය සේවක වැටුප ඉල්ලා සිටින ආණ්ඩුව පුද්ගලික අංශයේ සේවකයින්ට අඩ වැටුපක් ලබාදීමට ද අදාළ ආයතන සඳහා අවස්ථාව ලබාදීලා. කඩාවැටී තිබෙන සංචාරක අංශය ගොඩනැංවීමට ආණ්ඩුව මෙතෙක් නිසි වැඩපිළිවලෙක් ක්‍රියාත්මක කර නෑ. ස්වයං රැකියාවන්හි නියුතු වූවන් ඇතුළු පුද්ගලික ව්‍යාපාරිකයින්ට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නෑ.

කොරෝනා වසංගතය දෙවන වරටත් නැවත හිස ඔසවනු ඇති බැවින් වහාම මැතිවරණය පැවැත්විය යුතු යැයි ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් පවසා සිටිනවා. ජනතා ජීවිත කෙතරම් ගැටළුකාරී තත්තවයන්ට මුහුණදුන්න ද මැතිවරණයක් පවත්වා බලයට පැමිණීමට ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවා. ඒ පිළිබඳව නිසි තීන්දුවක් ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අයවැය ලේඛනයක් සකස් කර එය කෙටුම්පතක් බවට පත්කර පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් පාර්ලිමේන්තුව පිහිටුවා එතැන් සිට මාස තුනක කාලයක් ගතවන තුරු පවා මුදල් බලතල ජනාධිපතිවරයා සතුයි. මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ මූල්‍ය සම්බන්ධයෙන් කිසිදු කෙටුම්පතක් සකස්කර නොමැති බැවින් මේ වනවිට මුදල් භාවිතා කරන්නේ ව්‍යවස්ථා විරෝධීව යැයි පැහැදිලිව සඳහන් කළ හැකියි.

මෙම මාධ්‍ය හමුව සඳහා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂ චිරන්ත අමරසේකර මහතා ද සහභාගි වෙමින් සිය අදහස් පළකරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට