සත්‍යයේ පුවත් අඩහැරය….

නව ජනාධිපති කාර්ය සාධන බලකාය තුළින් රාජ්‍ය සේවය හමුදාකරණයට ලක්වනවා – සමඟි ජන බලවේගය

Podu Jana Peramunaත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විත නව ජනාධිපති කාර්ය සාධන මණ්ඩලයක් පිහිටුවා රාජ්‍ය සේවය ඒ යටතට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත් මෙම කාර්ය සාධන මණ්ඩලය ලබාදෙන නියෝග, මෙරට රාජ්‍ය සේවකයිකන් විසින් ක්‍රියාත්මක කළ යුතුව ඇති බැවින් මෙය රට මිලිටරිකරණයට ලක්කිරීමක් ලෙස පෙන්වා දිය හැකි බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ අද (04) කොළඹ සමඟි ජන බලවේගය කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් සිය අදහස් දක්වන ලදී.

මෙය මෙරට ව්‍යවස්ථාවට පටහැනි තීරණයක්. ස්වාධීන සේවයක් ලෙස සැලකෙන මෙරට රාජ්‍ය සේවය ව්‍යවස්ථාව අනුව පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. මෙරට රාජ්‍ය සේවය තුළ ක්‍රියාත්මක වන ජ්‍යෙෂ්ඨත්වය අනුව අමාත්‍යංශ ලේකම්වරයා සිටින්නේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට වඩා ඉහළින්. නමුත් ඉහත ගැසට් පත්‍රය මඟින් එම තත්ත්වය කණපිට පෙරළීමට කටයුතු කරලා. යම් හෙයකින් තමන් විසින් ලබාදෙන නියෝග රාජ්‍ය සේවකයින් ක්‍රියාත්මක නොකළහොත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වීමට පවා ඉහත කාර්ය සාධන බලකායේ සාමාජිකයින්ට සඳහා බලය ලබාදී තිබෙනවා. ඒ අනුව මෙය ඉතා භයානක තත්ත්වයක්. රට මිලිටරි පාලනයක් කරා ගෙනයන්නක්.

ඉහත ජනාධිපති කාර්ය සාධන බලකායට ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, මේජර් ජෙනරාල්වරුන් ඇතුළු වැඩ බලන පොලිස්පතිවරයා මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු 13 දෙනෙකුගෙන් සමන්විතයි. මේ අනුව මෙම තත්ත්වය පිළිගැනීමට සූදානම්දැයි මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් විමසා සිටිනවා. මෙම ජනාධිපති කාර්ය සාධන බලකාය මඟින් මත්ද්‍රව්‍ය ඡාවාරම් වැටලීම ආදිය සිදුකිරීමට නියමිතයි. එහි ගැටළුවක් නෑ.

සිරගෙවල් ආශ්‍රිත සිදුවීම් විමර්ශනය කිරීමත් සිදුකිරීමට නියමිතයි. මින් ඉතා භයානකම තත්ත්වය ලෙස සමාජ කණ්ඩායම්හි සමාජවිරෝධී කාර්යයන් සම්බන්ධයෙන් සෙවීම පෙන්වා දියහැකියි. සමාජ ක්‍රියා යන්න පිළිබඳ නිසි අර්ථ නිරූපනයක් ලබාදී නෑ මෙතෙක්. ඒ අනුව මාධ්‍ය, සිවිල් සමාජය, ආගමික නායකයින් මෙන්ම ප්‍රකාශන සමාගම් සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ඇති. ඒ අනුව මෙය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කණපිට පෙරළීමක් ලෙස හැඳින්විය හැකියි.

පසුගිය කාලය තුළ වියත් මඟ ඇතුළු වත්මන් ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායම් “එකම රටක්, එකම නීතියක්” යන අදහස ජනතාව වෙත යොමුකළා. නමුත් අද වනවිට එවැනි තත්ත්වයක් රට තුළ තිබෙනවාදැයි විමසා සිටින්න සිදුවනවා. මේ වනවිට සිදුවන්නාවූ සිදුවීම් දෙස අවධානය යොමුකළ විට එකම රටක් තුළ නීති දෙකක් ක්‍රියාත්මක වන බව මනාව පෙනීයනවා.

ඒ අනුව පසුගිය දිනයන් තුළ නිරෝධායන නීති දැඩිව උල්ලංඝනය වූ බවක් දක්නට ලැබුනා. මේ වනවිට යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සැඟවී සිටිනවා. නිරෝධායන නීති කඩකළ බවට චෝදනා කරමින් මේ වනවිට 50000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන නමුත් රජයේ මැති ඇමතිවරුන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නිදහසේ කටයුතු කරනවා. ඒ අනුව රටේ පාලකයින්ට එක් නීතියක් ද සාමාන්‍ය ජනතාවට තවත් නීතියක් ද ක්‍රියාත්මක වන බව පේනවා. මාස 06 ක කාලයක් පාර්ලිමේන්තුවක් නොමැතිව රටකට ඉදිරියට ගමන්කළ හැකිදැයි විමසනවා. රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සෞඛ්‍ය අංශ යම් අවුලකට ඇද දමන්නේ විපක්ෂකය නොවෙයි. ආණ්ඩුවයි. ආණ්ඩුවේ වැරදි පෙන්වාදීම විපක්ෂයේ වගකීම වනවා. රටෙහි තත්ත්වය හමුවේ දින 05 ක කාලයක් අවමංගල්‍ය උත්සවයක් පැවැත්විය හැකිදැයි විමසා සිටිනවා.

නව කාර්ය සාධන බලකායේ කාර්යය හමුවේ මාධ්‍යවේදීන් ඉදිරියේදී දැවැන්ත පීඩාවකට පත්වනු ඇති. සිරගෙවල් ආශ්‍රිත සිදුවීම් විමර්ශනය කිරීමට ජනාධිපති කාර්ය සාධන බලකායක් අනවශ්‍යයි. ඊට පෙර කළයුත්තේ මාංචු දමා, සිරගෙවල් තුළම සිරකරුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමයි. මෙරට රාජ්‍ය සේවය හමුදාකරණයකට ලක්කිරීම පිළිගන්නේදැයි මාධ්‍යයෙන් විමසනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්වාධීන වන නමුත් නව ජනාධිපති කාර්ය සාධන බලකායේ සාමාජිකයින් විසින් ලබාදෙන නියෝග පිළිගැනීමට රාජ්‍ය සේවයට සිදුවන්නේ නම් මෙරට රාජ්‍ය සේවය ගමන් කරන්නේ කොතනකටදැයි යන්න විමසිය යුතුව ඇති බව.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට