සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු පළාතේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 714 දක්වා ඉහළට ..

Podu දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 714 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්තානය පවසයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 415 ක්, මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 238ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 61ක් දක්වා ඉහල ගොස් ඇත. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසන්නේ දකුණු පළාතෙන් ඊයේ (22) දිනයේ කොරෝනා අලුතින් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වූ බවයි. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15ක්කි වේ. ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 10 දෙනකු හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසනේ ආසාදිතයන් 05 දෙනකු බැගින් ද මේ වන විට වාර්තා වී ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 14ක් වන අතර ඉන් 13 දෙනකුම දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් වාර්තා වී ඇති අතර අකුරැස්ස කොට්ඨාශයෙන් එක් ආසාදිතයකු වාර්තා වී ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වී ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට