සත්‍යයේ පුවත් අඩහැරය….

සත්‍යවාදයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළවීම මනුෂ්‍යත්වය ඔසවා තැබීමක් – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය

Podu සත්‍යවාදයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළවීම මනුෂ්‍යත්වය ඔසවා තැබීමකැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. නත්තල දිනය වෙනුවෙන් සුභ පැතුම් පණිවුඩයක් යොමුකරමින් ඒ මහතා මේ බව පවසා සිටියි. කරූ ජයසූරිය මහතා පහත පරිදි අදහස් දක්වමින් එම නත්තල් සුභ පැතුම් පණිවුඩය නිකුත් කර ඇත. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදු වන්නේ ලෝකය දුකෙන් මුදවාලීම පිණිසය. ආදරය කරුණාව මෛත්‍රීය පදනම් කරගනිමින් උන්වහන්සේ දේශනා කළ දහම එවක පැවති සමාජය තර්කානුකූල මාවතකට යොමුකරනු ලැබීය. උන්වහන්සේගේ මාර්ගෝපදේශය එම යුගයේ දේශපාලන අධිකාරිත්වය තුළ තිබූ පටු බලකාමී අරමුණු වලට පටහැනිවිය. උන්වහන්සේගේ දේශනාව මිත්‍යාව වපුරවමින්, මනුශ්‍යත්වයට නිගා දෙන සමාජ ස්ථාරායනයක් නඩත්තු කළ ප්‍රභූවරුන්ගේ උදහසට හේතු විය. එනිසාම උන්වහන්සේට එරෙහිව නැගී සිටියේ වියරු බලකාමීත්වය සහ මිත්‍යාදෘෂ්ඨියයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මුහුණ දුන් අනේක විධ ගැරහුම්, පාවාදීම් හා වද බන්ධන පෙන්වා දෙනුයේ බලකාමය සහ මිත්‍යාවෙහි අමානුශික හා නග්න ස්වරූපයයි. එහෙත් එම සියළු වද බන්ධන දරාගනිමින් මිලේච්ඡත්වයන් ඉදිරියේ ස්වකීය හෘදය සාක්ෂිය පාවා නොදුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවසන කුරුසය මත කටුක මරණය තෝරා ගත්හ. එම උතුම් ජීවිත පරිත්‍යාගය තුළින්, උන්වහන්සේ ලෝක සත්වයාට කියා දුන් ශ්‍රේෂ්ඨ පිණිවිඩය මේ මොහොතේ සිහිපත් කළ යුතුය. එනම්, මිත්‍යාව හා මිලේච්ඡත්වය තාවකාලිකව ජයගනු ලැබිය හැකි නමුත්, සදාකාලිකවම පරාජය වනු ඇති බවයි. සත්‍යවාදීත්වයේ පරමාදර්ශය වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිතුණු බැතිමතුන්ගේ පමණක් නොව අවිහිංසාව සත්‍යය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින සියළු මිනිසුන්ගේ ශාස්තෘ වරයෙක්වන්නේ එහෙයිනි. එබැවින් උන් වහන්සේගේ ලොව පහළ වීම මනුෂ්‍යත්වය ඔසවා තැබීමක්ම වන්නේය. එම අසිරිමත් උපත සමරන මෙම නත්තලෙහි ලක්වැසි ආදරණීය කිතුනු බැතිමතුන්ටත් සමස්ත ලෝ වැසි යහපත් මිනිසුන්ටත් සුභ නත්තලක් වේවා යැයි ආසිරි පතමි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට