ප්‍රදේශ රැසකට වැසි, උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් ආශ්‍රිතව පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක්..
අද (24) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවීමේ වැඩි අවස්ථාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, උතුර, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌව පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ස්ථාන රැසක වැසි ඇතිවීමේ වැඩි ඉඩක් ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම දහවල් 01.00 න් පමණ පසු අනෙකුත් ප්‍රදේශ තුළද වැසි ඇතිවීමේ ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසයි.
මේ වනවිට උතුර, නැගෙනහිර සහ උතුරු-මැද පළාත් ආශ්‍රිතව පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් සිදුවිය හැකිබවද එම ආරංචි මාර්ග පවසයි.