ඊයේ ආසාදිතයින් 3,306 ක්, සමස්තය 192,547 ක් දක්වා ඉහළට, මේ දක්වා 160,714 ක් සුවය ලබයි..
මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 192,547 ක් දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ ඊයේ (02) දිනය තුළ ආසාදිතයින් 3,306 ත් වාර්තා වීමත් සමඟිනි. එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතයින් 1,504 ක් සුවය ලබා ඇති අතර ඒ සමඟ මෙරට තුළ සුවය ලබා ඇති සමස්ත ප්‍රමාණයද 160,714 ක් දක්වා ඉහළ ගොස් තිබේ.