සත්‍යයේ පුවත් අඩහැරය….

රජය ළමුන්ගේ අධ්‍යාපනයට කිසිවක් කළේ නැහැ, සමගියෙන් චෝදනා..

Podu Jana Peramunaකොරෝනා වසංගතය පැවතියත් රටේ සංවර්ධනය නතර නොකරන බව පවසන ආණ්ඩුව, මේ දක්වා රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් යහපත් ආයෝජනයක් සිදු කිරීමට පියවර ගෙන නොමැති බව සමගි ජන බලවේගය චෝදනා කරයි. ඊයේ (11)දින මාධ්‍ය හමුවක් පවත්වමින් සමගි ජන බලවේගය සදහන් කරන්නේ රටේ වැදගත්ම සම්පත, මානව සම්පත බවත් ඒ අතරින් දරුවන් සහ දරුවන්ගේ අනාගතය වැදගත් වන බවත් පසුගියදා කැබිනට් ප්‍රකාශකවරයා රටේ නගර සංවර්ධනය කරන බවට තීරණය ගෙන ඇති බව පවසා සිටි අතර එය සිදු කිරීමට පෙර දරුවන්ගේ අධ්‍යාපනය ශක්තිමත් කිරීම සඳහා පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ලබන වසර වන විට වසර 03 ක කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුවී නොමැති බැවින් මහා පරිමාණ සංවර්ධන කටයුතු සිදුකිරීමට පෙර දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කළේ තේ කර්මාන්තය තුළ යෙදී සිටින ජනතාව ආණ්ඩුවේ අදුරදර්ශී ක්‍රියාපිළිවෙත තුළ දැඩි අසරණතාවයකට පත්ව ඇති බවත් ගම්පහ, පුත්තලම, ගාල්ල දිස්ත්‍රික් ධීවරයින් අද වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව දැඩි පීඩාවකට ලක්ව ඇති බවත් මෙරට මුහුදු සීමාව අසල ගිනිගත් නෞකාව ගිනි ගැනීමට පටන්ගෙන විනාශ වී මේ වන විට දින 20 කට වැඩි කාලයක් ගතව අවසන්ව ඇති අතර එම කාලය තුළ ධීවරයින්ට සිය රැකියාව සිදුකිරීමට නොහැකි වී ඇති අතර ඒ තුළින් ධීවරයින්ගේ ආර්ථිකය මෙන්ම පවුල් සංස්ථාවද බිඳිගොස් ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට