සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාවගේ රීරි මාංශය උරා බොන තීරණයක් – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළදැමීම නිසා ජනතාවට සිදුවන අහිතකර බලපෑම වෙනතකට යොමුකිරීමේ අරමුණින්න විවිධ නාටක රඟදක්වමින් සිටින වත්මන් ආණ්ඩුවේ පාලනය හමුවේ රටේ සියළු අංශ කඩාවැටී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකල මරික්කාර් මහතා එහදී පහත පරිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත සිය අදහස් පළකර සිටියේය.

ඉන්ධන මිල ඉහළයාම නිසා බස්, ත්‍රිරෝද රථ සහ බේකරි නිෂ්පාදන ආදී ක්‍ෂේත්‍ර රැසක ගාස්තු සහ මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි.

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය නිසා උදය ගම්මන්පිල මහතා ඉල්ලා අස්විය යුතු බව සඳහන් කර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කළ ලිපියට පිළිතුරු ලබාදීමට උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඉන් පසු ජනාධිපති මාධ්‍ය අංශය විසිනුත් ඉන්ධන මිල ඉහළ දැමීම සාධාරණීකරනය කරමින් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව මෙරට සියළු මාධ්‍ය නාලිකා තුළ ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්වුයේ සාගර කාරියවසම් සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අතරින් නිවැරදිකරුවා කවුරුන්දැයි යන ප්‍රවෘත්තියයි. ඉහත සියල්ලම ඉන්ධන මිල ඉහළදැමීමෙන් ඇති වන පීඩාව වසන් කිරීම සඳහා ජනතා දෑස් වෙත වැලි ගැසීම් ලෙස හැඳින්විය හැකියි.

සිය නොහැකියාවන් වසන් කිරීම සඳහා ව්‍යාජ නාට්‍ය රඟදැක්වීමෙන් වළකින්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. තෙල් මිල ඉහළ දැමීමට තීරණය කළේ රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට යැයි ආණ්ඩුව පවසනවා. එවැනි ප්‍රකාශයක් සිදුකළ ලොව එකම ආණ්ඩුව, මේ රටේ ආණ්ඩුවයි. තෙල් මිල ඉහළ දැමීම තුළින් ආර්ථිකය ස්ථාවර වන්නේ කෙසේදැයි තේරුම් ගත නොහැකියි. බොර තෙල් ආනයන කිරීමේදී බදු පැනවූ විට පවා පෙට්‍රල් ලීටරයක් රුපියල් 100 කටත් වඩා අඩු මට්ටමක පවතිනවා. මේ අනුව පැවති මිල ගණන් යටතේ වුවද ඉන්ධන අලෙවි කිරීමෙන් තෙල් සංස්ථාවට ලාභයක් ලැබෙනවා. ජනතා මුදල් මංකොල්ල කෑම සඳහා ආණ්ඩුව මෙවැනි තීරණයක් ගෙන තිබෙන බව මනාව පෙනීයනවා.

පැවති මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරමින් පසුගිය වසර දෙකක කාලය ඉතා අපහසුවෙන් අල්ලාගෙන සිටි බව ආණ්ඩුව පවසා සිටියා. පසුගිය සමයේදී ජනතාවට නොලැබුනු ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල පහළයාමේ වාසිය උපයෝගි කරගනිමින් ජනතාවට සහන මිලට සැමන් සහ පරිප්පු ලබාදීමට කටයුතු කරන බව පැවසූ වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය කෙතරම්දැයි මේ වනවිට මනාව පැහැදිලිවී තිබෙනවා.

සහල්, එළවළු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ගණන් සියල්ල ඉහළ ගොස් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින තත්ත්වයකදී ඉන්ධන මිල ඉහළදැමීට ආණ්ඩුව තීරණය කළා. සමෘද්ධි සහනාධාරය නොලැබෙන දෛනික ආදායම් ලබන පිරිස් සඳහා පවතින තත්ත්වය හමුවේ රුපියල් 5000/- දීමනාව ලබා නොදෙන්නේ මන්දැයි විමසීමට සිදුවනවා.

ජනතාවගේ රීරි මාංශ උරා බොන තීරණයක් ලෙස හැඳින්විය හැකි තෙල් මිල ඉහළ දැමීමේ තීරණයෙහි අහිතකර ප්‍රතිඵල නුදුරේදීම අත්විඳීමට ජනතාවට සිදුවේවි. රට නිසිලෙස කළමණාකරනය කරගත හැකි, ජනතාවට සහන සැලසිය හැකි තරුණ කණ්ඩායමකට බලය පවරා වහාම ඉල්ලා අස්වන්නැයි රට තුළ උද්ගතව තිබෙන කිසිදු ගැටළුවකට පිළිතුරු ලබාදීමට නොහැකි, තමන් දේශහිතෛශී බව පවසා ගන්නා වත්මන් ආණ්ඩුවට අවධාරණය කරනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක බර ප්‍රමාණය පහළ හෙළන තෙක් කිසිවක් නොකර බලාසිටීමට සිදුවූ විෂය භාර අමාත්‍යවරයා ගෑස් මිල ඉහළ නොදමන බව පවසා තිබෙන නමුත් ගෑස් මිල වැඩිකළ යුතු යැයි අදාළ සමාගම් පවසා තිබෙනවා. වත්මන් ආණ්ඩුවේ කිසිදු ප්‍රකාශයක් විශ්වාස කළ නොහැකි බැවින් ගෑස් මිල ඉහළ නොදමනු ඇතැයි අපට කිසිසේත්ම විශ්වාස කළ නොහැකියි. සිංහබාහු නාට්‍ය පෙන්වන බව පවසමින් බලයට පැමිණි ආණ්ඩුව, මේ වනවිට රඟදක්වමින් සිටින්නේ ආටක නාටක නම් නාට්‍යයි.

වඩා වැදගත් වන්නේ තෙල් මිල ඉහළ දැමීමේ තීරණය සම්බන්ධයෙන් නිවැරදි හෝ වැරදි කවුරුන්දැයි යන්න නොව ආර්ථිකය නිසිලෙස කළමණාකරනය කර ජනතාවට සහන සැලසීම පමණක් බව ආණ්ඩුවට අවධාරණය කිරීමට කැමතියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට