සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන අාණ්ඩුවේ දත් එකින් එක ගැලවෙමින් යනවා, 27 වනදා ඉතිරි දතුත් ගැලවී අාණ්ඩුවේ කඩා වැටීම අාරම්භ වේවි – ඒකාබද්ධ විපක්ෂය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ දත් මේ වන විට එකින් එක ගැලවෙමින් පවතින බවත්, ලබන 27 වනදා නුගේගොඩදී පැවැත්වෙන ජන රැළියෙන් පසු ඉතිරි දත්ද ගැලවී අාණ්ඩුවේ කඩා වැටීම අාරම්භ වනු අැති බවත් ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියි. අද (18) බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සදහා ගුවන් යානා තුනක් මිලදී ගැනීම සම්බන්ධ ගනුදෙනුව අවලංගු කිරීමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් ගන්නා ලද තීරණය හේතුවෙන් රජයට අැමෙරිකානු ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදු කිරීමට එරෙහිව අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් සිය අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටින ලදී. කැබිනට් පත්‍රිකාවක් හෝ ඉදිරිපත් නොකර මෙවැනි ගනුදෙනු සිදු කිරීම යහපාලන රජයේ ප්‍රතිපත්ති වලට සම්පූර්ණයෙන් පටහැනි බවත් මෙවැනි ගනුදෙනු සිදු නොකරන බව වත්මන් අාණ්ඩුව බලයට පත්වීමේදී පවසා සිටි නමුත් ලැබූ ජනවරම තුළින් රටේ නීතිය, විධායකය නොසලකා පාර්ලිමේන්තුව නොමග යවමින් ඒකාධිපති පාලනයක් රටතුළ ක්‍රියාත්මක කරමින් පවතින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසා සිටියේ වර්තමන අාණ්ඩුවේ තීන්දු තීරණ ගනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම , අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන අාර්. පාස්කරලින්ගම් සහ චරිත් රත්වත්තේ යන මහත්වරුන් විසින් බවයි.

මෙම අවස්ථාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, ලොහාන් රත්වත්තේ, කාංචන විජේසේකර, වීරකුමාර දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්තී එච්.එම් අස්වර් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට