සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ ජනාධිපතිවරයා දේශද්‍රෝහියෙකු වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා

 /><span style=කුඩු වලට ඇබ්බැහි වූ පුද්ගලයා, තම බිරිද විකුණා හෝ කුඩු භාවිතා කිරීමට මුදල් සොයන්නාක් මෙන් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසා සිටියි. ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් නාරාහේන්පිට අභයාරාමයේදී අද (03) පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් සිය අදහස් දැක්වූ රංජිත් සොයිසා මහතා පවසා සිටියේ දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබූ පිරිසක් දේශප්‍රේමීන් බවට පත්කිරීමට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය දා ගත් පියවර සම්බන්ධයෙන් එතුමාට ස්තුතිවන්ත වන නමුත් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා දේශද්‍රෝහියෙකු වනු ඇති බැවින් එවැන්නක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් එතුමාගෙන් ඉල්ලා සිටින බවයි.

ඊයේ (02) පවත්වන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාව සදහා සාමාජිකයින් බහුතරයක් සහභාගි වී නොමැති බැවින් එහිදී ගන්නා ලද තීන්දු තීරණ කිසිදු අයුරකින් පිළිගත නොහැකි බවද මන්ත්‍රී මෙහීදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සේවා සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර, ජනතා තැපැල් සේවක සංගමයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ, ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ සාමාජික නීතිඥ නිශාන්ති හපුගොඩ සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හදපාන්ගොඩ යන මහත්ම මහත්මීන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට