සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය සේවාවේ අර්බුද ගැන බලධාරීන් දැනුවත් කළත් ම‍ෙතෙක් විසදුමක් නෑ – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක ජනතාවගේ ජීවත් වීමේ අයිතිය, අනෙක් සෑම අයිතියකටම වඩා වටිනාකමින් වැඩි බවත් එම අයිතිය සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආන්නද මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටින ලද්දේ ජනතාවගේ ජීවිත අනතුරේ හෙලන මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව තම සංගමය විසින් දියත් කරන ලද විරෝධතාවයන් සාර්ථක වූ බවයි. මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද මෙතෙක් අදාළ අර්බුදකාරී තත්ත්වයට කිසිදු විසදුමක් ලැබී නොමැති බවත් වෛද්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයන් නිසා අපහසුතාවයට පත්වන රෝගී ජනතාව සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවයි. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (03) දින දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටින් පාගමනක් ආරම්භ කර සවස විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී විරෝධතා රැළියක්ද පවත්වන බවද වෛද්‍ය සමන්ත ආන්නද මහතා සිය අදහස් පළ කරමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා සහ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට