ඩෙංගු නිසා වසා දැමුනු කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් අද සිට යළි විවෘතයි..
සීඝ්‍ර ලෙස ඩෙංගු රෝගය පැතිරයාම නිසා වසා දැමුණු ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් අද (20) යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කර සිටියි. ඩෙංගු රෝගය වර්ධනය වීම නිසා කින්නියා අධ්‍යාපන කලාපයේ පාසැල් 66 ක් වසා දැමුනු අතර මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පාසල් ළමුන් තිදෙනෙකු මියගොස් ඇත.